දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජාතික සන්ධාන ආණ්ඩුවක් - නිල විපක්ෂය පොහොට්ටුව" - පාඨලීගෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

"ජාතික සන්ධාන ආණ්ඩුවක් - නිල විපක්ෂය පොහොට්ටුව" - පාඨලීගෙන් නිවේදනයක්

PropellerAds

රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධා...

cigarette tax
TNA ඇතුළු උතුරේ දෙමල පක්‍ෂ ජනාධිපතිවරණ කොන්දේසි පිළිකුල්
seelarathana thero

රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනයෙන් හෙළ උරුමය වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට සියලු දෙනාම නිහතමානි විය යුතු බවයි.

අලුත් පක්ෂයක් ලෙස මැතිවරණයට තරඟ කල ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යනු පැරණි එක්සත් ජනතා නිදහස් සන්ධානයම වන බව හෙළ උරුමය සිය නිවේදනයෙන් පවසා තිබේ.

එම නිවේදනය පහතින්,

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය විවිධ අයට විවිධාකාරයෙන් අර්ථකතනය කළ හැක. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට හා ද්‍රවිඩ සංධානයට ලැබුණු ඡන්දයත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට ලැබුණු ඡන්දයත් අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ පාලන ක්‍රියාවලිය පිළිබඳව බහුතර ජනතාවගේ විරෝධයක් ඇති බවය.


ආණ්ඩුව විධිමත් ආණ්ඩුකරණයක් ගෙන ගියේ නැත. ආණ්ඩුකරණය පවත්වා ගත යුත්තේ සියළු ජනයාගේ අදහස් විමසා ඒවාට ප‍්‍රතිචාර දක්වමින් තමන්ගේ ප‍්‍රතිපත්ති මත ආණ්ඩු කිරීමයි. ඒ වෙනුවට කිහිප දෙනෙකූගේ යල් පැන ගිය චින්තනයන්ට සහ මතවාදයන්ට අනුකූලව මහජනයාට අතිශයින්ම සංවේදී සමාජ-දේශපාලන කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම නිසා සෑම ජනකොටසකටම තම අනන්‍යතාවය පිළිබඳ අනාරක්‍ෂිත හැගුමක් ජනනය කරවීමට විපක්‍ෂයේ ප‍්‍රචාරයන්ට හැකිවිය.

එමෙන්ම රටක් පාලනය කළ යුත්තේ ද, රාජ්‍යයක් පවත්වා ගතයුත්තේ ද ස්ථාවර භාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර සම්මුතියක් ඇතිවන අයුරිනි. යහපාලනයේ නාමයෙන් ස්ථාවර භාවය අභිබවා යන ලිහිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයකට කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් රාජ්‍යය අරාජික තත්ත්වයට පත් වේ. මැතිවරණයෙන් පසු අරාජිකත්වය තව තවත් වැඩිදියුණු වෙමින් පවතී.

දැන් වහ වහාම දේශපාලන ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. එය පොහොර සහනාධාර, සමෘද්ධි සහනාධාර, පාලම් බෝක්කු තැනීම්, ඇමති මාරු කිරීම් ආදියෙන් ඔබ්බට ගිය, මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කරන පක්‍ෂ පාට වලට ගැති නොවු ජනතාවගේ වේදනාවට ප්‍රතිචාර දක්වන යෝධ දේශපාලන ප්‍රතිසංස්කරණයක් විය යුතූය. ඉදිරි මාස 18 තූල අප අළුත් විය යුතූය. එය පුරාජේරුවක් නොව මහපොළොව මත සිදුවන යාථාර්තයක් බව වහ වහා පෙන්විය යුතූය.

අප ජාතික හෙළ උරුමයේ වුවද, අපව බලයට ගෙන ඒම වෙනුවෙන් ඡන්දය දුන් එක්සත් ජාතික පාක්‍ෂිකයින්ටද වචනයක් පැවසිය යුතූය. කුසලතා සහිත තරුණ පිරිසට මුල්තැන දෙන, සුහුරු සමාජයක් ගොඩනැගිය හැකි විද්වතූන්ගෙන් යුත්, මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම එක්සත් කරන, උපන් බිමට ආදරය කරන, දෑ හිතකාමී පක්ෂයක් ලෙස එජාපය පුනරාගමනය විය යුතූය. එසේ නොවුවහොත් 2018 සැප්තැම්බර් වලට යෝජිත පලාත් සභා 6 ක ඡන්දයේදී ද, 2019 අප්‍රේල් වලට යෝජිත බස්නාහිර පළාත් සභාවද සමග පලාත් සභා 03ක ඡන්දයේදී ද එජාපයට දරූණු ලෙස පසුබෑමට සිදුවනු ඇත. 2020 පසුව රාජ්‍ය බලය සිහිනයක්ම වනු ඇත.

මෙවර පලාත් පාලන මැතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාතිහාර්ය පාමින් ළදරු පක්‍ෂයක් ලෙසින් දේශපාලන කරලියට ආගමනය වුයේ යැයි බොහෝ දෙනාගේ විශ්වාසය වුවද, ජාතික හෙළ උරුමයේ අප සිතන්නේ තරමක වෙනස් අයුරකිනි.

නම අළුත් වුවද පොහොට්ටුවෙන් තරඟ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ශ්‍රීලනිප ප්‍රමුඛ පැරණි එක්සත් ජනතා නිදහස් සංධානයම වේ. අළුත් වි ඇත්තේ බෝඩ් ලෑල්ල පමණි. ඔවුනට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය විමසන විට පෙනී යන්නේ 2015 ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී රාජපක්ෂ මහතා ලබාගත් ඡන්දයම මෙම මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇති බවයි. සැබෑ නව දේශපාලන ව්‍යාපාරය වන්නේ අත හා බුලත් කොළය ලෙස පැරණි සළකූණු වලින් සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් තරග කල කණ්ඩායම වේ. එම නව බලාපොරොත්තුවක් වෙනුවෙන් ඡන්දය ලබාදුන් පහලොස් ලක්‍ෂයකට ආසන්න ශ්‍රී ලාංකීය ජනතාවටද අපගේ උත්තමාචාරය හිමිවේ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය, එක්සත් ජාතික පාක්‍ෂිකයින් හා බල අරගලයකට යොමුකර බොරදියේ මාළු බෑමට රාජපක්‍ෂ කල්ලිය කූමණ්ත්‍රනය කරමින් සිටී. එජාපෙ මෙන්ම ජනාධිපතිවරයාගේ කණ්ඩායමද මෙවැනි මර උගූල්වල නොවැටීමට තරම් ඥානවන්ත බවද අපි කූමණ්ත්‍රනකරුවන්ට සිහිපත් කරමු.

දැන් රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප‍්‍රතිචාරය නිහතමානී ව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයකි. මෙම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් දෙපාර්ශවයේම නායකයින් දූරදර්ශී විය යුතූය. එමෙන්ම, පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට අප සියළු දෙනාම නිහතමානී විය යුතුය.

ජාතික හෙළ උරුමයේ අපි කිසි විටෙක අප කෙරෙහි අසීමිත විශ්වාසය තබා මහ මැතිවරණයේදී ද, පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ද අපට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමීමට ඉඩ නොදෙන බවද, ඒවා ආරක්‍ෂා කරන බවද සපථ කර සිටිමු.

පාඨලී චම්පික රණවක

මහලේකම්, ජාතික හෙළ උරුමය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජාතික සන්ධාන ආණ්ඩුවක් - නිල විපක්ෂය පොහොට්ටුව" - පාඨලීගෙන් නිවේදනයක්
"ජාතික සන්ධාන ආණ්ඩුවක් - නිල විපක්ෂය පොහොට්ටුව" - පාඨලීගෙන් නිවේදනයක්
http://am.lk/media/k2/items/cache/811678afa1099f952f5bb536cfb85621_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_798.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_798.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy