රාජ්‍ය සාකච්ජා මාධ්‍ය හමුවේ පැවසීම අසීරු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරු කිහි...
රාජ්‍ය සාකච්ජා මාධ්‍ය හමුවේ පැවසීම අසීරු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරු කිහිපදෙනෙකු ජනාධිපතිවරයා සමඟ තිබූ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“සමහර රාජ්‍ය රහස් තියෙනවනේ, හැමදේම මාධ්‍යට කියන්න අමාරුයි. එතුමා බොහොම සාමකාමී සිතකින් ඉන්නවා අපි සමඟ දිගටම මේ යහපාලන ආණ්ඩුව ගෙන යන්න. මම එතුමාට පැහැදිලි කළා. සුජීව මැතිතුමාත් මම එන්න කලින් ඇවිල්ලා කතා කර කර ඉන්නවා මම දැක්කා. අපි දෙන්නා එක්කම කතා කළා. මෙතන සාකච්ජාවේදී අපි පුළුවන් තරම් උත්සහ කරන්නේ ලක්ෂ හැට දෙකහමාරක් අපට දීලා තියෙනවා 2015 ජනවාරි 08 වෙනිදා අපිට එකතු වෙලා යන්න කියලා අවුරුදු 5ක්. ඉතින් ඒ කසාදේ දික්කසාද නොකරගෙන හාකබෝන් ගාලා හරි අලෝලා අපි එකතු වෙලා යන්න තමයි අපි උත්සහ කරන්නේ. ඒකෙ එක්තරා පියවරක් තමයි මේ හමුවීම.”
COMMENTS