විදුහල්පති භූමිකාවට මෙවැනි අනතුරුදායක වික‍්‍රමාන්විත පුහුණු කිරීම්වල අවශ්‍යතාවය කුමක්ද ? එසේම විදුහල්පතිවරුන්ට ගැලපෙන හා අවශ්‍ය නායකත්ව ප...
විදුහල්පති භූමිකාවට මෙවැනි අනතුරුදායක වික‍්‍රමාන්විත පුහුණු කිරීම්වල අවශ්‍යතාවය කුමක්ද ? එසේම විදුහල්පතිවරුන්ට ගැලපෙන හා අවශ්‍ය නායකත්ව පුහුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සතුව පුහුණු මධ්‍යස්ථාන හා සම්පත්දායකයන් සිටියදී රටේ අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල් වියදම් කර මෙවැනි පුහුණුවීම් පෞද්ගලික ආයතන මගින් ලබාදීම කුමන පදනමක් මත සිදු කළේද යන්නද බරපතල ගැටලූවකි. මෙය මෙම පෞද්ගලික ආයතන ප‍්‍රවර්ධනය කිරීමට විදුහල්පතිවරුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.
ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණුභාරයේ විධායක අධ්‍යක්ෂ චරිත රත්වත්තේ නමැත්තෙක් විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මෙම විදුහල්පතිනියගේ මියයාම සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇත. මින් පැහැදිලි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙවැනි කටයුතු පෞද්ගලික ආයතන හරහා සිදුකර ඇති බවයි.
මෙම විදුහල්පතිනියගේ මියයාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම භාරගත යුතු අතර, මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර මියගිය විදුහල්පතිනියට යුක්තිය ඉටු කළ යුතු බවත්, මෙවැනි පුහුණුවකට විදුහල්පතිවරු කැඳවූයේ කුමන පදනමකින්ද යන්නත්, එම පුහුණුව අනාරක්ෂිතව පුහුණු කටයතු සිදුකරන පෞද්ගලික ආයනයකට ලබා දුන්නේ කුමන පදනමකින්ද යන්නත්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළේද යන්නත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැයකළ මුදල පිළිබඳවත් වහා විධිමත් පරීකෂණයක් කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී. එසේම මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ ජීවිත බිළිගන්නා මෙවැනි වික‍්‍රමාන්විත කි‍්‍රයාකාරකම් සහිත පුහුණුවීම් අධ්‍යාපන පද්ධතියට අවශ්‍යද යන්න පිළිබඳව ඇගයීමක් කළ යුතු බවත්, මෙම විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට විධිමත් වන්දියක් ගෙවිය යුතු බවත් ප‍්‍රකාශ කර සිටිමු.
COMMENTS