දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පණිවුඩයක් තියා - ජගත් රණතුංග ගිහින්

අනූව දසකයේ තරුණ සංහාරයෙන් ඉක්බිති, දිවි ගළවාගත් පරපුර හොර රහසේ හුස්ම ගත් පුවත්පත් කවි පිටු අතර ඔහුගේ නම කළු අකුරින් සලකුණු විය. අනුකාරක ල...

පණිවුඩයක් තියා - ජගත් රණතුංග ගිහින්

අනූව දසකයේ තරුණ සංහාරයෙන් ඉක්බිති, දිවි ගළවාගත් පරපුර හොර රහසේ හුස්ම ගත් පුවත්පත් කවි පිටු අතර ඔහුගේ නම කළු අකුරින් සලකුණු විය. අනුකාරක ලක්ෂණ බහුල ඒ කවි පරපුර අතර ස්වීයත්වය ඔහුගේ අනන්‍යතා ලකුණ විය. මතු වීමට හෝ බැබැලීමට කිසිදු උද්‍යෝගයක් නොපෙන්වූ ඔහු ගෙවුණු තිස් වසරකට ආසන්න කාලය තුළ දිගු විරාම සහිතව තවත් කෘති 4ක් එළිදැක්වීය. ‘උන් හිටි තැන්’ හා ‘ගඟේ ගිය දවස්’ කාව්‍ය සංග්‍රහ දෙකද, ‘මුරේ’ කෙටි කතා සංග්‍රහයද ‘දඹදිව ගිය හීන් අප්පු ආතා’ නම් ළමා පොතද ඒ අතර වෙයි. තවත් පොත් තුනක වැඩ අවසන් කර ඇති බව, ඔහු ළඟින් ඇසුරු කළ අයට කියා තිබේ. නවකතාවක්ද කෙටිකතා සංග්‍රහයක්ද භාෂාව සම්බන්ධ ශාස්ත්‍රීය කෘතියක්ද වශයෙනි. සුවිශේෂ අනන්‍යතාවකින් හෙබි චිත්‍රශිල්පියකුද වූ ඔහු, තම කෘතිවල පිටකවරද ඇතුළත සිතුවම්ද නිර්මාණය කළේය. ඇසට නොව හදවතට ගෝචර වන ආකාරයේ අපූරු අත්අකුරු ශෛලියක්ද ඔහු සතු විය. අනූ ගණන්වලදී ඔහු තම කාව්‍ය නිර්මාණ හා චිත්‍ර නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීය. ඒ ප්‍රදර්ශනය ගැන පළ වූ පුවත්පත් විචාරයක සිරස්තලය මෙසේ විය: ‘කවියාගේ සිත්තම සහ සිත්තරාගේ කවිය’

ජගත් රණතුංග බොහෝ දෙනෙකුට ප්‍රියමනාප, මිත්‍රශීලී මතකයකි. එහෙත් ඔහු කිසිදු කණ්ඩායමක් හෝ ප්‍රවණතාවක් නියෝජනය නොකළේය. ඔහු ‘තනියෙකි.‘ ඔහු තමන්ගේ වැඩේ, තමන්ගේ ක්‍රමයට, තමන්ට ඕනෑ විදියට කරගෙන ගියේය.

ඔහුගේ වෘත්තීය ජීවිතය බොහෝ තැන්වල ගෙවිණි. මුල් කාලයේ ඔහු නිවාස අධිකාරියෙහි සේවය කළේය. මාතොට සඟරාවේ ආරම්භක සංස්කාරක මණ්ඩලයේද, බොදුනු සඟරාවෙහිද, ලේක්හවුසියේ දිනමිණෙහිද, news.lk වෙබ් අඩවියෙහිද සේවය කළ ඔහු අන්තිමට ලංකාදීප පුවත්පතේ සේවය කරමින් සිටියේය. ජීවිතයේ 58 වැනි වසර ගෙවමින් සිටි ඔහු දෙදරු පියෙකි.

වසර කිහිපයකට පෙර ඔහු ලියා තැබූ සටහනට හැකි තාක් සාධාරණය ඉටු වන පරිද්දෙන් ඔහුගේ සමුගැනීම සංවිධානය කරන්නට තරම් ඔහුගේ සමීපතමයින් ඔහුට ආදරය කළ බව සටහන් කර තැබීම යුතුකමකි. මේ ඔහු ලියා තැබූ පණිවුඩයයි.

මා මළ විට
මෙසේ කළ මැන

මා කොහොම මැරේවිදැයි දන්නේ නැහැ. කොහොම මැරුණත් මගේ මරණෙට කළ යුතු දේ මා මේ විදියට ලියා තියනවා. කරුණාකරලා මේක මේ විදියටම කරන්න පවුලේ අය වගබලා ගන්න කියලයි මා ආයාචනා කරන්නේ.

මා හිතනවා මැරුණයින් පස්සෙවත් මගේ කැමැත්තට ඉඩක් ලැබේවි කියලා.
1.ගෙදරදී මැරුණොත් මුලින්ම ග්‍රාමසේවක සහතිකය ගන්න.
2. ළඟම තියෙන මල් ශාලාවට දුරකථන ඇමතුමක් දෙන්න.
3. ඒ කට්ටිය ආවම මගේ මළකුණ වහාම අරන් යන්න කියන්න. අරන් ගිහින් ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම භූමදාන කරන්න කියන්න. නැත්නම් ආදාහනාගාරයක දවන්න කියන්න.

මගේ මළකුණ බලන්න කව්රුවත් මල්ශාලාවට යන්න ඕන වෙන්නෙ නෑ. මළමිනියට අන්දන ඇඳුම් අන්දවලා මල්ශාලාවෙ පෙට්ටියක තියන්න එපා. ගෙදර කට්ටිය කවුරුවත් මගේ භූමිදානය හෝ ආදාහනය හෝ බලන්න යන්නත් එපා. ගෙදරින් මළකුණ ගෙනිච්චාට පස්සෙ වැඩේ සදහටම ඉවරයි කියලා හිතාගන්න.

වැඩේ ඉවරවුණාම අපේ ගෙවල්වල කට්ටියට කියන්න.

මරණෙ තියා නොගත්ත අපවාදෙන් බේරෙන්න මේ රාමු කරපු ලියවිල්ල දොස් කියන කට්ටියට පෙන්වන්න.

මරණෙට ප්‍රසිද්ධිය ඔන නෑ. කොළ අච්චුගැහිලි, තොරංබැඳිලි, පත්තරේ දැමිලි, බැනර් ආදිය කිසිවක්ම එපා. ආරංචි වෙලා ආපු කට්ටියට පුංචි පහේ සංග්‍රහයක් කරන්න. දාන දෙන්න ඕන නෑ. මොකද, මට පිං කිසිවක් ඕන නැති නිසා. අනික කාටවත් කාගෙවත් පිං දෙන්න බැහැ. තම තමන් කර කියාගත්ත දෙයක් විතරයි ඉතුරු වෙන්නෙ. අනික, පින් අනුමෝදන් කරනවාය කියන කතාව බුදුහාමුදුරුවෝ කියපු කතාවක් නෙවෙයි. මිහිඳු හාමුදුරුවො අශෝක රජ්ජුරුවන්ගෙ බුද්ධාගම ලංකාවට අරන් එනකොට ලංකාවෙ ජනතාව අදහමින් හිටියේ මළවුන්. ඒක කරනවට වඩා පින් අනුමොදන් කරන එක හොඳයි කියලා උන්නාන්සෙ හඳුන්වලා දීපු පාර තමයි මේ කට්ටිය පින් අනුමෝදම කරන්නෙ. රේරුකාණේ හාමුදුරුවෝ කියනවා වගේ මළාට පස්සෙ දර කෑල්ලක් තරංවත් වටින්නෙ නැති මළකුණ ගෙදර තියාගෙන උත්සව පවත්වන මෝඩයන්ටයි මේ කියන්නෙ. දෙයියො ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. දවස් හතෙන් කරන, තුන් මාසෙන් කරන බණ දේශනා, හාමුදුරුවො ගෙන්වීම්, පිංකං මොනවත් එපා. ජීවත් වෙලා ඉන්නකම් මා දාන මාන දීලා තියෙනවා. ඒවා පිං බලාගෙන කරපුවා නෙමෙයි. මනුස්සකමේ නාමයෙන් කරපුවා. පිං දෙන්නත් බැහැ. පින් ගන්නත් බැහැ. සංසාරයක් තියේ නම් ඒ චක්කරේ ඕන තැනක් මට ඔට්ටුයි. අද තියෙන, ලෝකෙ වෙන කොහේවත් නැති සිංහල බුද්ධාගමට මම කැමැතිත් නැහැ. බුදුහාමුදුරුවො ලංකාවට ආවෙත් නැහැ. ඒක මහාවංශය ලියපු මහානාම හාමුදුරුවෝ ලංකාවෙ යශෝරාවය පිණිස ලියපු සාහිත්‍ය පරිකල්පන මායාවක්.

කොහොම වුණත්
මළ විට මගේ මරණය
කිසිවෙකුට කරදරයක් කරන්න එපා.

මෙයට ආදරණීය ජගත් රණතුංග
වයස අවුරුදු 56යි. ඉපදුණේ 1959 ජුනි 14

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පණිවුඩයක් තියා - ජගත් රණතුංග ගිහින්
පණිවුඩයක් තියා - ජගත් රණතුංග ගිහින්
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/a32f02ca7a1dc54756bb851fcf79b000_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_571.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_571.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy