සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Coun...
සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor-Defence) වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් කිසිදු කරුණු විමසීමක් නොකොට ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් ලේකම්වරයාට ජනාධිපතිවරයා දොස් නගා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එසේ බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීමෙන් පසුව ඔහු සිවිල් වැසියකු බවට පත්වන බවත්, එබැවින් ඔහු බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ නම් එය රාජතාන්ත්‍රික ගැටලු දක්වා දුර යා හැකිව තිබූ බවයි.
ජනපතිවරයා, ප්‍රියංකව දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට අද පෙරවරුවේ උත්සාහදරා ඇති බවද ජනාධිපති ලේකම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
COMMENTS