දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ ප්‍රකාශ ගැන මෛත්‍රී කණගාටුවෙන්
Homeප්‍රවෘත්ති

මහින්දගේ ප්‍රකාශ ගැන මෛත්‍රී කණගාටුවෙන්

PropellerAds

ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කරමින් ඒකීය රටක් ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළේදී රටේ ඒකීයභාවය සුරකිනවා මිස කිසිදු අවස්ථාවක රට කැඩීමට ඉඩ නොතබ...

ආර්යාව වේලාසම රාජකාරියේ.. ජලනි පේ‍්‍රමදාස ඇමති සජිත්ගේ අසුනේ..
දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..
රන්ජන් ඇමතිකමින් ඉවතට..?
මහින්දගේ ප්‍රකාශ ගැන මෛත්‍රී කණගාටුවෙන්

ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කරමින් ඒකීය රටක් ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළේදී රටේ ඒකීයභාවය සුරකිනවා මිස කිසිදු අවස්ථාවක රට කැඩීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

රට කඩන සහ රට බෙදන බවට දේශපාලන වේදිකාවේ ගෙනයන සටන් පාඨවල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ජනතාව එම බොරු ප‍්‍රචාරවලට හසු නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පෙරේදා (06) පස්වරුවේ මාතර හක්මණ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

උතුරේ ෆෙඩරල් ක‍්‍රමයක් පිළිබඳ හඬක් නැඟුණේ අද ඊයේ නොවන අතර එය දීර්ඝ කාලයක් පුරා නැගුණු හඬක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කිසිදු රජයකින් ඊට ඉඩක් නොලැබුණා සේම රට කැඩීමට හා බෙදීමට කිසිවෙකුට අවශ්‍ය වුව ද තමාගෙන් ද කිසිසේත් ඊට ඉඩක් නොලැබෙන බව අවධාරණය කළේය.

සැමදා මේ රට ආරක්ෂා කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව පැවසූ ජනාධිපතිවරයා හෙට දවසේ ද අන් සියලු දේශපාලන පක්ෂවලට වඩා රට ආරක්ෂා කරන දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව ද පැවසීය.

ජනාධිපති කාර්යාලයේ සේවකයින් 400 දෙනෙකුට තමන් රැකියා අහිමිකළ බවට හිටපු නායකයා ඊයේ දින රූපවාහිනි වැඩසටහනකට කළ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපති ධුරයට පැමිණෙන විට ජනාධිපති කාර්යාලයේ වැටුප් ලබා ගන්නා සේවකයින් 1600 දෙනෙකු සිටී අතර ඔවුන්ගෙන් 400 දෙනෙකු ජනාධිපති කාර්යාලයෙන් පිටත සිට වැටුප් ලබා ගත් බවයි.

එම සේවකයින් සුදුසු ස්ථාන වෙත අනුයුක්තකර ඔවුන්ගේ වෘත්තිය ආරක්ෂා කිරීමට පියවර ගත්තා මිස කිසිවෙකු රැකියාවෙන් ඉවත් නොකළ බව ජනාධිපතිවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යාංශවල සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සාමාජිකයින් රැකියාවලින් ඉවත්කළ විට ඊට ද මැදිහත් වූ තමා එම සේවකයින් සියලුදෙනා ආපසු බඳවා ගත්තා පමණක් නොව කොන්ත‍්‍රාත් පදනම මත සිටී සේවකයින් ස්ථීර කිරීමට ද පියවර ගත් බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එමෙන්ම විදුලි පුටුව පිළිබඳ තර්ජනය තවම අවසන් වී නොමැති බවට හිටපු නායකයා එම රූපවාහිනී වැඩසටහනේදී කළ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ කිසිවෙකු විදුලි පුටුවට ගෙනයාමට තමා ඉඩ නොතබන අතර ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහය ලබා ගනිමින් එම පරිච්ඡේදය අවසන් කර දැමූ බවයි.

රටේ ප‍්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය බිඳ දමමින් එහි වාසිය දූෂිත දේශපාලනඥයින්ට ලබාදීමට අලුත් පක්ෂ පිහිටුවාගෙන සිදුකරන දේශපාලන කුමන්ත‍්‍රණවලට හසු නොවී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළගැසෙන්නැයි ද මෙහිදී ජනාධිපතිවරයා සමස්ත ජනතාවට ආරාධනා කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය තමා විධායක බලතල යොදවා ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා රූපවාහිනී නාලිකාවකට කළ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ හිටපු කථානායකවරයාගේ නිවසට ඒමට තමාට ආරාධනා කර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද ඉදිරිපිට එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සභාපතිත්වය තමා වෙත භාරදුන්නේ හිටපු ජනාධිපතිවරයා විසින්ම බවයි. එබැවින් එවැනි ප‍්‍රකාශ පිළිබඳ තමා කනගාටු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ ප්‍රකාශ ගැන මෛත්‍රී කණගාටුවෙන්
මහින්දගේ ප්‍රකාශ ගැන මෛත්‍රී කණගාටුවෙන්
http://am.lk/media/k2/items/cache/253b90eac090e2078bd9d1bdca826e09_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_530.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_530.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy