දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද වැරදුණේ මෛත්‍රීටද? බුකියටද?
Homeගොසිප්

අද වැරදුණේ මෛත්‍රීටද? බුකියටද?

PropellerAds

බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත පාලනයෙන් ලංකාව නිදහස් වෙලා අදට හරියටම අවුරුදු 70 ක්. එ් නිසා ගාලු මුවදුර පිටියේ සුපුරුදු පරිදි ජාතික නිදහස්...

උතුම් වෛද්‍ය චරිතය සේනක බිබිලේ මහතා මිය යන විට ළඟ සිටි සිය බිරිඳ සිදු කරන හෙළිදරව්ව
පුතුට ත්‍රීරෝද රියක් අරන් දුන්නාට කුපිතවූ පියා හක්කපටස් අටවා මවගේ පාදය අහිමි කරලා
‍දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් රන්බඩු - මුදල් මංකොල්ලයක
බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත පාලනයෙන් ලංකාව නිදහස් වෙලා අදට හරියටම අවුරුදු 70 ක්. එ් නිසා ගාලු මුවදුර පිටියේ සුපුරුදු පරිදි ජාතික නිදහස් උත්සවය තිබ්බා.

හැම සැරයකම වගේ මේ පාරත් අැවිත් හිටිය හැමෝටම සමරු පොතක් දීලා තිබ්බා. හැබැයි මේ සමරු පොත ගැන බුකියේ ලොකු කලබලයක් අැති වුණා. අගමැති අාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ පොත උඩුයටිකුරු කරලා බලන ඡායාරූපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. එ් වගේම තවත් ප්‍රභූන් කිහිප දෙනෙක්ම එ් වගේ පොත උඩුයටිකුර කරලා බලන ඡායාරූප බුකිය පුරා ප්‍රචාරය වුණා.

සමහරු කිව්වේ පොත බලපු අයට වැරදිලා කියලා. තවත් අය කිව්වේ මේ පොත වැරදියට මුද්‍රණය කරලා කියලා. මේ කතාවේ අැත්ත නැත්ත අහන්න අපි ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් නිදහස් උළලේ බලයලත් නිලධාරියෙක් වුන සජීව විජේවීර මහතාට කතා කරා. බුකිය පටලවා ගත්ත මේ කතාවේ පටලැවිල්ල ඔහු ලිහලා දුන්නා.

සාමාන්‍යයෙන් ලෝකයේ භාෂා දෙකකින් පොතක් මුද්‍රණය කරද්දී භාෂා දෙක උඩු යටිකුරු කරලා හිටින විදියට තමයි මුද්‍රණය කරන්නේ. එතකොට අවශ්‍ය භාෂාවෙන් දෙපැත්තෙන්ම පොත කියවන්න පුළුවන්. මේ පාර නිදහස් දිනයට දීපු සමරු පොත මුද්‍රණය කරලා තියෙන්නෙත් එහෙම. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී භාෂා 3 න් මුද්‍රණය කරලා තියෙන්නේ මුල් කවර 2 ක් එක්ක. සිංහල සහ ඉංග්‍රීසි දෙපැත්තටත් දෙමළ කොටස මැදට හිටින විදියටත් තමයි පොත මුද්‍රණය කරලා තියෙන්නේ.

කවුරු හරි එ් පොතේ සිංහල කොටස කියවද්දී බලන් ඉන්න කෙනාට පේන්නේ ඉංග්‍රීසි පොතක් උඩුයටිකුරු කරලා කියවනවා වගේ. ඉංග්‍රීසි කොටස කියවද්දී බලන් ඉන්න කෙනාට පේන්නේ සිංහල පොතක් උඩුයටිකුරු කරලා කියවනවා වගේ. වෙනදට සිංහල සහ දෙමල දෙපැත්තට දානවා. මැද ඉංග්‍රීසි. හැබැයි මේ පාර එඩ්වර්ඩ් කුමාරයා ආව නිසා සිංහල සහ ඉංග්‍රීසි භාෂා කොටස් දෙක සමරු පොතේ දෙපැත්තට දාලා. ඉතිං අගමැති ආර්යාව ඉංග්‍රීසි කොටස කියවනකොට එලියට පෙන්නේ සිංහල පොතක් අනිත් පැත්තට වගේ.

බුකියේ අයත් ඉතිං කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑනේ. අහුවෙන්නේ මොකක්ද ඔහේ චෝදනා කරනවා. මීට පස්සෙවත් දෙයක් කියද්දී කරද්දී අැත්ත නැත්ත හොයලා බලලා කතා කරා නම් තමයි හොඳ.





(Siyatha 24)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද වැරදුණේ මෛත්‍රීටද? බුකියටද?
අද වැරදුණේ මෛත්‍රීටද? බුකියටද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirXjjzrWCaH-5s9YslRabWJDnEPIWM_W_1ydmQrAS9UsFE-o9sxxUqXenVNC7yVpe4X1PXpBo4lK39WYf3fRegONurSLOhTKA7sNnP_u0TmrsL1dszLC1MvgHnAqWJlfZnjXtXZ9Xdi9JX/s1600/1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirXjjzrWCaH-5s9YslRabWJDnEPIWM_W_1ydmQrAS9UsFE-o9sxxUqXenVNC7yVpe4X1PXpBo4lK39WYf3fRegONurSLOhTKA7sNnP_u0TmrsL1dszLC1MvgHnAqWJlfZnjXtXZ9Xdi9JX/s72-c/1.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy