ඉදිරියේදී මෙරට සියළු සංවර්ධන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් සංවර්ධන යෝජනා ඇතුළු සියලු ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධව අවසන් වරට සලකා බලනු ඇත්...
ඉදිරියේදී මෙරට සියළු සංවර්ධන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් සංවර්ධන යෝජනා ඇතුළු සියලු ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධව අවසන් වරට සලකා බලනු ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජාතික ආර්ථික සභාව (NCE) විසින් බව වාර්තා වේ.
ඒ අනුව, මෙරට ආර්ථික සංවර්ධන යෝජනා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත්තේ මෙම සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සභාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික කළමනාකරණ කමිටුවට වඩා වැඩි බලයක් උසුලනු ඇත.
රාජ්‍ය ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම සභාව, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක මණ්ඩලයක් වනු ඇති බව එහි ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.
මහාචාර්ය සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැබිනට් අනුමැතිය සහිතව පිහිටුවනු ලැබූ මෙම සභාවේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන බවත්, මෙය ශක්තිමත් කිරීමට ඉදිරි දෙමසක කාලය තුළදී විවිධ ක්ෂේත්‍ර වල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිටින විද්වතුන් බඳවාගැනීමට කටයුතු කරන බවත්ය.
මේ අයුරින් ආර්ථික සංවර්ධන යෝජනා හා ප්‍රතිපත්ති සමාලෝචනය කිරීමට මෙම සභාව විසින් ආර්ථික, ක්‍රමසම්පාදන, වෙළඳ හා ආයෝජන යන ක්ෂේත්‍ර වල විශේෂඥ සේවා ලබාගැනීමට නියමත බව මහාචාර්ය සමරකෝන් මහතා පවසයි.
COMMENTS