අග්‍රාමත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (05) මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිලාවතුර ප්‍රදේශයේ දී එක්සත් ජාතික පෙරමුණ විසින් සංවි...
අග්‍රාමත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (05) මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිලාවතුර ප්‍රදේශයේ දී එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ ජන හමුවකට සහභාගී වෙමිනි.
එහිදී අග්‍රාමත්‍යතුමන් වැඩිදුරටත් කියා සිටියේ,
‘ඔබ සියලු දෙනාම ඉතා වියළි කලාපයක ජීවත් වෙන්නේ. වටේ වනාන්තරය තිබෙනවා. මේ ගමෙන් පිටත්වුණාට පස්සේ මේ කුඹුරු පුරන් වෙලා සමහර ඒවා වනාන්තරයට ඇතුල්වෙලා තියනවා. ගමේ සමහර කොටසුත් වනාන්තරයට ඇතුල් වෙලා තියනවා එකපැත්තකින් ගමට අයිති ඉඩම් ගමට ගන්න ඕන. අනෙක් පැත්තෙන් අනෙක් පැත්තෙන් ඒ ඓතිහාසික වනයට අයිති ඉඩම් ඒ වනය එක්ක තියන්න ඕන. දැන් රිෂාඩ් ඇමතිතුමා උදව් කරල තියවා මේ වනය පිළිබඳ නඩු දාන්න. අපි උසාවියට කියමු මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා. එතකොට කුඹුරුවලට ගිහින් ගොවිතැන් කරන්න පුළුවන් කුඹුරු කරන්න වතුර ඕන මේ ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න පියවර අරන් තියනවා ඒ අනුව අගතිමුරිප්පු කුලම් ව්‍යායඩි කුලම් ප්‍රතිසංස්කරණය කරන්න පියවර අරන් තියනවා.
COMMENTS