මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් කිසිදු අයෙකුගේ ප්‍රජා අයිතියි අහිමි කිරීමේ කටයුතුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් එකඟ නොවන බව රාජ්...
මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් කිසිදු අයෙකුගේ ප්‍රජා අයිතියි අහිමි කිරීමේ කටයුතුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් එකඟ නොවන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඊයේ (01) කොළඹ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් සිටින තාක්කල් කටයුතු කිරීමට ඉඩ නොලැබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බව ද සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තිරය පිටුපස මෙවර මැතිවරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ශක්තිමත් කිරීමට සිදු කළ වැඩපිළිවෙල මැතිවරණයට පෙර දුර්වල කරන මහා දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරමින් පවතින බව ද කියා සිටියේය.
එනිසා රඟපෑම ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර නොවන බවත් පැවසු අමාත්‍යවරයා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ සමහර අය අතර බව ද සඳහන් කළේය.
COMMENTS