ඡන්ද ප්‍රතිඵල මාධ්‍යට නිකුත් කිරීමේදී ප්‍රමාද දෝෂයක් ඇති වූයේ තාක්ෂණික ගැටළුවක් නිසා බවත් එහෙත් කොට්ඨාශයට අදාළ ප්‍රතිඵල ජනතාවට රාත්‍රී කෑම...
ඡන්ද ප්‍රතිඵල මාධ්‍යට නිකුත් කිරීමේදී ප්‍රමාද දෝෂයක් ඇති වූයේ තාක්ෂණික ගැටළුවක් නිසා බවත් එහෙත් කොට්ඨාශයට අදාළ ප්‍රතිඵල ජනතාවට රාත්‍රී කෑමට පෙර ලබා දුන් බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳව යම් චෝදනාවක් සිදු කරනවා නම් එය පොදුවේ තමා වෙත පමණක් සිදු කරන ලෙසද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (14) පැවති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කළේය.
මැතිවරණයේ ප්‍රතිඵල පොතක් ලෙස මුද්‍රණය කර ලබා දීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
පැවති මැතිවරණය ගැන සතුටක් සේම දුකක්ද පවතින බවත්, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට හැකිවීම සතුටක් බවත් කී හෙතෙම මැතිවරණ කටයුතු කිරීමේදී එක් නිලධාරියෙකු හදිසි අනතුරකින් මරණයට පත්වීම දුකක් බවද සඳහන් කළේය.
COMMENTS