අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ නිදහස් සන්ධානයේ සුදානම...
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ නිදහස් සන්ධානයේ සුදානම පරාජය කිරීම සඳහා තම පක්ෂය විශේෂ සැළැස්මක් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
ජෝනිගේ විරෝධයෙන් නිමල්ගේ අගමැති සිහිනය හබක්
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙන්නැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් කල ඉල්ලීමක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දැඩි විරෝධයට හේතුවෙන් බකල් වී ඇත.
දයාසිරි ජයසේකර වැනි ද්‍රෝහීන් සිටින ආණ්ඩුවකට තමා එක්නොවන බව ඒකාබද්ධයේ කුරුණෑගල දිස්ත්‍රීක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස අවධාරණය කර සිටීම ඊට හේතුවයි.
දයාසිරි වැනි පුද්ගලයකු නිසා ජොන්ස්ටන් වැනි අයකු අහිමිකර ගැනීමට තමා කිසිඳු ලෙසකින් කටයුතු නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිගේ හැසිරීම පක්ෂග්‍රාහී
ඒ වෙනුවෙන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය මන්ත්‍රීවරුන් ප්‍රමාණය සකසාගෙන අවසන් බවත් එජාප තනි ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන විට බාධාවක්ව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පක්ෂග්‍රාහී හැසිරීම පමණක් බවද එම පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පැවසීය.
බහුතරය පෙන්වන්න
හැකිනම් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වන අතර එසේ නොවුණහොත් තමන් කරනදේ සිකුරාදායින් පසුව බලාගන්නා ලෙසද ජනාධිපතිවරයාට පවසා ඇති බවද වාර්තා වෙයි.
පරාජය වසාගන්න දරණ උත්සාහයක්
එසේම ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය යොදාගනිමින් තමන් නායකත්වය දෙනුලැබූ පාර්ශවය ලද අන්ත පරාජය වසා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරතව සිටින බවක් පැහැදිළිව පෙනෙන්නට ඇති බව පැවසූ එම අමාත්‍යවරයා මැතිවරණ සමයේදී යහපාලනය වෙනුවෙන් වන සම්මුතිය ජනාධිපතිවරයා අමතක කළත් තම පක්ෂය අමතක කර නොමැති බවද පැවසීය.
කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම ව්‍යවස්ථානුකූලව පරාජය කිරීමට තම පක්ෂය කටයුතු කරන බවත් 2015 වසරේ සිට මේ මොහොත දක්වා යහපාලන සම්මුති ආණ්ඩුව වෙනුවෙන් කැපවීම් රැසක් කළ පක්ෂය ලෙස තමන් දැන් එහි අවසන් සීමාවට පැමිණ ඇති බවද එම අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ ආසන 106ක් හිමිව තිබුණත් තමන් එය ගණන් තබා ඇත්තේ මන්ත්‍රී ආසන 103 ක් ලෙස බවත් එසේ ගණන් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම සඳහා තවත් මන්ත්‍රීවරුන් 15 කට ආසන්න ප්‍රමාණයක සහය ලබාගැනීමට මේ වන විට කටයුතු කර අවසන් බවද එම අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තුව හිතුමතේ විසුරවන්න බෑ
එසේම ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පාර්ශවයටත්, ඒකාබද්ධ විපක්ෂයටත් අවශ්‍ය ආකාරයට අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ කිසිඳු හැකියාවක් නොමැති බවත් ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව විසුරවා හරින්නට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක යෝජනාවක් සම්මත විය යුතුව ඇති බවද ඔහු පවසයි.
එසේම මේ වන විට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සංයුතිය අනුව කිසිම පාර්ශවයකට තනිව බහුතරයක් පෙන්වීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රීලනිප පාර්ශවය පවා එවැනි බහුතරයක් පෙන්වීමට නම් එජාප මන්ත්‍රී කොටසක හෝ සහය ලබාගත යුතුව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිගේ ඉවසීම UNP වෙනුවෙනුත් තියනවද
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ නිමල් සිරිපාල අමාත්‍යවරයා වේවා වෙන කවර පාර්ශවයක් පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට කටයුතු කරන තුරු ඉවසීමක් ජනාධිපතිවරයාට තිබේ නම් තම පක්ෂය ශ්‍රීලනිප සහ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක සහය ගෙන පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට කටයුතු කළහොත් එම ඉවසීමෙන්ම කටයුතු කර බාධා නොකිරීමට ජනාධිපතිවරයා සුදානම්ව සිටිය යුතු බවය.
COMMENTS