දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්ත ඝාතනය පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිතගෙන් හෙළිදරව්වක්
Homeදේශපාලන

ලසන්ත ඝාතනය පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිතගෙන් හෙළිදරව්වක්

PropellerAds

පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කි...

ජෙරුසලම පිළිබඳ ගැටළුවේදී ලබා දුන් ඡන්දය ගැන විදෙස් අමාත්‍යංශය පහදයි!
පිලිපීනයට ආ ටෙම්බින් 80 කගේ ජීවිත බිලි අරන් !
පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක චිචී අතට
ලසන්ත ඝාතනය පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිතගෙන් හෙළිදරව්වක්
පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් ඊයේ (06) පැවැති ජනහමුවලදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම ජනහමු කුරුණෑගල, බේරුවල, මග්ගොන, යන නගර වල දී පැවැත්විනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. ඒ අනුව සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මෙම පරීක්ෂණ නිසි පරිදි සිදුවීම නිසයි හිටපු ජනාධිපතිවරයා ප්‍රාදේශිය සභාවෙන් ප්‍රාදේශිය සභාවට ගොස් රජය පෙරලා දැමීමට උත්සාහ කරන්නේ. කවුරු මොනව කිවුවත් මෙම රජය වසර 2020 දක්වා ඉදිරියට ගමන් කරනවා. ඉන් පසු පැවැත්වෙන මැතිවරණය ජයගෙන වසර 2025 දක්වා ද ඉදිරියට ගමන් කරනවා.'
 
'හොරකම් වලින් දුෂිත ඒකාද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කරනවා අපට ජම්පර් අන්දනවා කියලා. නමුත් එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ එක දූෂණයක් මම හෙළිදරවු කරන්නම්. නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගනිමින් තම සහෝදරියගේ දරුවෙකුගේ මංගල උත්සවය හෝටල් සංකීර්ණයක පවත්වා තිබෙනවා. මෙය මහජන මුදල් ගසාකෑමක්. මේ පිළිබදව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමෙන්තුවේ අදහස් දක්වන විට එම මන්ත්‍රීවරයා ලැජ්ජාවට පැමිණ සිටියේ නැහැ. එම නිසා මම කියන්න කැමැතියි අපට ජම්පර් අන්දන්න ඉස්සෙල්ලා එයාට ජම්පර් අදින්න වෙයි කියලා.'
 
'හිටපු ජනපති කියනවා බේරුවල දිනනවලු. බේරුවල රාජිත පරද්දනවට ඔබලා ලෑස්තිද ? මේක හොර පාරේ ඔහුට දෙන්න ලෑස්තිද ? ලැජ්ජාවට පෙට්ටියක් උස්සන් ඇවිත් තිබෙනවා. ඒ පෙට්ටිය අස්සේ ඉන්නේ හිටපු ජනාධිපතිවරයා. පෙට්ටියේ දොර ඇරියම ඇතුලේ ඉන්නේ එතුමන්ලා.  එයාට කියන්න හිටපු ජනපතිව මෑතකදී හම්බවුනේ නෑ කියලා සහ දුරකථන සංවාද 25 සිදු කළේ නෑ කියලා කුරාණේ අත තියලා දිවුරන්න කියලා. අපි ඔක්කොම කාඩ් එළියේ දාලා ගහන්නේ. කාඩ් හංගලා ගහන්නේ නෑ. මෙයාලට බලුකම කරන්නත් ඕනි. කරන්නත් ලැජ්ජයි. තමුන්නාන්සේලාගේ ඡන්දත් ඕන. හිටපු ජනපති එක්ක ඉන්නත් ඕන. ලගින්නත් ඕන. මෙතනයි පැටලිල්ල. මේක වෙන කාගෙවත් නෙවෙයි තමුන්නාන්සේලාගේ ප්‍රශ්නයක්. ගියසැරේ බේරුවල වැඩි ඡන්ද 3000 කින් දින්නේ මේ පාර 6000 කින් දිනන්න ඕන. මොකද ජාතික ප්‍රශ්නය පිළිබඳව මම එදාට වඩා නිවැරදි තැනක, පක්ෂයක අද ඉන්නේ. මම ඉන්නේ ජාතිවාදයට විරුද්ද පක්ෂයක. එදා හිටියේ ජාතිවාදය කරපින්නගෙන හිටපු පක්ෂයක. එදාට වඩා අද ගමන් මග පිරිසිදුයි. සියලු ජාතින්ට එක හා සමාන අයිතිවාසිකම් තියෙන රටක් නිර්මාණය කිරීමටයි මේ ගමන යන්නේ. ඒ ගමන මහින්ද එක්ක යන්න පුලුවන් ද. මුදල් වලට ඡන්ද අරගෙන ජනමතය වෙනස් කරන වැඩපිළිවෙල නවත්වන්න. මුස්ලිම් තරුණයින්ගෙන් ඉල්ලන්නේ මේ කැත දේපාලනය තමුන්නාන්සේලාගේ ඉදිරි පරම්පරාවට ගෙනියන්න ඉඩ දෙන්න එපා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුදල් වලට යට කරන්න දෙන්න එපා.'
 
rajitha 15
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත ඝාතනය පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිතගෙන් හෙළිදරව්වක්
ලසන්ත ඝාතනය පරීක්ෂණ සම්බන්ධයෙන් රාජිතගෙන් හෙළිදරව්වක්
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/d68fea2e765cc28f42025fa3dad5696d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_150.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_150.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy