ඊයේ (22) දිනයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපෘතිය සම්බන්ධ ...
ඊයේ (22) දිනයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රසන්ටේශන් එකක් රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇත. එහි තේමාව වී ඇත්තේ "කතාව ඇති - වැඩ පටන් ගමු" යන්නයි. මෙම ඉදිරිපත් කිරීම සකස් කර ඇත්තේ රෝහිත රාජපක්ෂගේ ගීත නිර්මාණය කළ හිතවතෙකි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද කැමැත්ත පළ කර ඇත.
බැසිල් රාජපක්ෂ විසින් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය භාර දීම සඳහා සූදානම් වී සිටියේ ට්‍රයි ඇඩ් ඇතුළු දිවයිනේ ප්‍රධානතම වෙළඳ ප්‍රචාරණ ආයතන වෙතටය. එහෙත් මීට රෝහිත රාජපක්ෂ මැදිහත් වීමත් මහින්ද රාජපක්ෂ රෝහිතගේ යෝජනාවට කැමති වීමත් නිසා බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස අපේක්ෂාභංගත්වයට පත්ව තිබේ.
බැසිල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් තම සමීපතමයින් සමඟ ප්‍රකාශ කර ඇත්තේ "2015 ඡන්ද කැම්පේන් එක කෙළෙව්වෙත් ඔය පුතාලා එකතු වෙලා තමයි. මේ පාරත් උන්ටම දීලා කෙළවාගන්න නම් හදන්නේ මට කරන්න දෙයක් නෑ" යනුවෙනි.
COMMENTS