උපුටා ගැනීම http://ift.tt/2DSt1Hy දැක්වෙන පුවත සම්බන්ධ මෙම පුවතේ සඳහන් කෙරන ටෙන්ඩර සියල්ලම ICTA ආයතනය මගින් සිදු නොකෙරුණ අතර ICTA ආයතනයේ...
උපුටා ගැනීම
http://ift.tt/2DSt1Hy දැක්වෙන පුවත සම්බන්ධ මෙම පුවතේ සඳහන් කෙරන ටෙන්ඩර සියල්ලම ICTA ආයතනය මගින් සිදු නොකෙරුණ අතර ICTA ආයතනයේ නිලධාරින් තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයන් ලෙස පමණක් කටයුතු කර තිබේ. මෙම පරිමාණයේ සියලුම ටෙන්ඩර සඳහා ටෙන්ඩරය පිරිනැමීමට පෙර තාක්ෂණික ඇගයීම් පිළිබඳව ගැටළු ඉදිරිපත් කිරීම සඳහා කාලයක් ලබා දෙන අතර ඕනෑම ලංසුකරුවකුට තීරණයට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබේ.
මෙහි ඉදිරිපත් කරන ලද ජයාරූප කිසිවක් සමාජශාලා වල නොවන අතර LGN 2 පුහුණු සැසියක් අතරතුර අහාර ලබා ගැනීම සඳහා අවන්හලක සිටින ආකාරය බව පැහැදිලිව පෙනේ. ICTA නිලධාරීන්ට අමතරව LGN 2 ක්‍රියාත්මක කිරීමට සහභාගී වූ ආයතන සියල්ලේහිම සාමාජිකයින් මෙහි සිටී. මෙහිදී LGN 2 සඳහා Ezy ආයතනය උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස තෝරා ගනු ලබන්නේ SLT ආයතනය විසින් වන අතර එය කැබිනට් තීරණයක් මත ඍජු ගිවිසුමක් මගින් SLT ආයතනය වෙත පිරිනමන ලද ටෙන්ඩරයකි, මෙම තෝරා ගැනීම සඳහා ICTA ආයතනය කිසිම ආකාරයකින් සම්බන්ධ නොවූ බව අවධාරණයෙන් සඳහන් කල යුතුය.
තමන්ගේ ලන්සු වල අඩුපාඩු හේතුවෙන් මෙම ටෙන්ඩර ලබා ගැනීමට නොහැකි වූ ලංසුකරුවන් විසින් ද්වේශ සහගතව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමේ හා ප්‍රතිරූපයට හානි කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රචාරයන් කරන බව පෙනේ.
එම නිසා කරුණාකර මෙවැනි පුවත් පල කිරීමට ප්‍රථම අදාල ආයතනයෙන් නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
උපුටා ගැනීම අවසන්
ලියුම්කරුගේ සටහන
මෙම ලිපිය සම්පාදනය කළ ලියුම්කරු අප වෙත එවා ප්‍රතිපිලිතුර පහතින් සටහන් වේ.
අප විසින් පල කළ පුවත හුදෙක්ම අප රටට විශාල ලෙස අහිමිවන, මහා පරිමාණ මහජන මුදල් නාස්තියට එරෙහි වීමක් පමණක් බවත් එමගින් කිසිදු පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි කිරීමක් අපේක්ෂා නොකරන බවත් අප නැවත නැවතත් අවධාරණය කරමු.
එනමුත් එසේ කියූ පමණින් මොනයම් අවස්ථාවක හෝ රටේ මහජන මුදල් නාස්තියට කිසිදු හෝ පුද්ගලයෙකුට හෝ ආයතනයකට අප ඉඩ තබන්නේ නැත. කිසිදු තරාතිරමක් හෝ පවුල් පසුබිමක් අපට අදාල නොවේ. අප රටේ මහජන මුදල් හෝ දේපළ දුශිතයන් ඥති සංග්‍රහයක් මෙන් තම හිතවත් ආයතන වලට ඉතා දුෂිත අන්දමින් ලබා දීමට එරෙහිව පමණක් අප පෙනී සිටිමු.
අප සදහන් කල පරිදි ICTA වැනි රජයේ තොරතුරු තාක්ෂණය පිළිබද උපදේශ සපයන ප්‍රධානතම ආයතනයේ ඉතා ඉහල වගකීම් දරන නිලධාරීන් තොරතුරු තාක්ෂණ සේවා සහ සැපයුම් සපයන ආයතන වලට සම්බන්ද වීම පැහැදිලිවම පිළිගත් රාජ්‍ය සම්මතයන් උල්ලංඝනය කිරීමක් නොවේදැයි අප එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරමු.( Conflict of interest ). තවද අප ලිපියට ලද පිළිතුරු ලිපියේ සඳහන් වන්නේ
""මෙහි ඉදිරිපත් කරන ලද ජයාරූප කිසිවක් සමාජශාලා වල නොවන අතර LGN 2 පුහුණු සැසියක් අතරතුර අහාර ලබා ගැනීම සඳහා අවන්හලක සිටින ආකාරය බව පැහැදිලිව පෙනේ. ICTA නිලධාරීන්ට අමතරව LGN 2 ක්‍රියාත්මක කිරීමට සහභාගී වූ ආයතන සියල්ලේහිම සාමාජිකයින් මෙහි සිටී. " ආකාරයෙනි.
එහෙත් පුහුණු සැසියක් අතරතුර Heineken වර්ගයේ බීර පානයකරමින් නිව්යෝර්ක් නුවර අවන්හලක සිටීම මතම LGN 2 පුහුණු සැසියේ තත්වය පිළිබද අපට සිතාගත හැක. මෙවැනි සැපයුම් කරුවන් සමගින් නිදහසේ හැසිරෙන වගකිවයුතු තාක්ෂණ නිලධාරීන්ගෙන් කිසිදු විටක සාධාරණ සහ අපක්ෂපාති තාක්ෂණ ඇගයීමක් සෙසු ලන්සු කරුවන්ට බලාපොරොතු විය හැකිදැයි ඔබ විසින්ම තීරණය කල යුතුව ඇත.
මෙම නිලධාරීන් කොපමණ තර්ක කලද සෑම විටම ඔවුන් මෙහයවනු ලබන පෞද්ගලික ආයතන ප්‍රධානීන් ඔවුන් ලවා ICTA ආයතනයේ වර්තමාන නිලදාරීන් සමග එක්ව මෙම දුෂිත ගනුදෙනු වලට උපයෝගී කර ගෙන ඇත. පැහැදිලිවම මෙම නිලධාරීන් එක්ව ටෙන්ඩර පිරිවිතර තමන්ට වාසිදායක ලෙස මෙම ICTA නිලධාරීන් හරහා සකස් කරනු ඇත. මෙවැනි හේතු නිසා බහුතරයක් වූ ලන්සුකරුවන්ට තරගකාරී ලන්සු ඉදිරිපත් කිරීමට ඇති හැකියාව මග ඇහිරී යයි.
මෙයට හොදම උදාහරණය හිටපු ICTA තාක්ෂණ නිලදාරීන් රජයේ ඉතා ඉහල වටිනාකම් දරන ටෙන්ඩර සදහා සම්බන්ද වී අදාල සමාගම් වලට ටෙන්ඩර ප්‍රධානය කිරීමෙන් පසු ICTA ඒජන්සියෙන් ඉවත්ව මෙම පෞද්ගලික ආයතන වලටම සේවයට සම්බන්ද වීම පැහැදිලිවම සදාචාරයට පටහැනි ක්‍රියාවකි. මින් පෙර කිසිදු මහාපරිමාණ ටෙන්ඩරයක් ප්‍රධානය නොවූ EZY Coparation නමැති සමාගමට හිටිහැටියේ ICTA ආයතනය සම්බන්ද මහාපරිමාණ ටෙන්ඩර තොග පිටින් ප්‍රදානය වීම පැහැදිලිවම මගඩියක් බව සක්සුදක්සේ පැහැදිලි වේ. හතු පිපෙන්නාක් මෙන් සෘජුවම දුෂණ සමගින් සිදුවන මෙම මහා පරිමාණ ගනුදෙනු මෙම නිලධාරීන්ගේ මඩි තර කරගත් පසු රටට කිසිදු වැඩදායි ව්‍යපෘති නොවන සේ අවසන් වනු ඇත.
මෑත කාලයේ ICTA ඒජන්සි නිලදාරීන්ගේ සහ ICTA ඒජන්සිය සම්බන්ද කරගෙන සිදුකරනු ලැබූ තාක්ෂණික ඇගයීම් සිදුකරනු ලැබූ ටෙන්ඩර සදහා ලන්සු කරුවන් තාක්ෂණික ඇගයීම් පිළිබඳව ගැටළු ජනාධිපති කොමිසමට ඉදිරිපත්කිරීමෙන් පසු ඒවා නැවත තාක්ෂණික ඇගයීම් සදහා ජනාධිපති කොමිසමේ නිලදාරීන් විසින් යොමුකිරීමම ICTA ඒජන්සිය සම්බන්ද නිලදාරීන් ක්‍රියාකළ ඇති පක්ෂපාති පිළිවෙත මානව පැහැදිලි කරන්නකි. තවද මෑතකදී ICTA ආයතනය විසින් සුහුරු පන්ති කාමර 66 සදහා EZY Coparation සමාගමට වැඩි මුදලකට ලබාදී තිබෙන ටෙන්ඩරයට විරුද්ධව ලන්සු කරුවන් 3 දෙනෙකුම අභියාචනා කමිටුවට පැමිණිලි කිරීම මගින් නැවතත් තාක්ෂණික ඇගයීම් වල අඩුපාඩු හා පක්ෂපාති බව මානව පැහැදිලි කරයි.
තවද අප වගකිවයුතු ICTA බලධාරීන්ගෙන් විමසන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කරඇති මෙවන් වකවානුවක වර්ෂ 2015 න් පසුව ICTA ආයතනය මගින් සැපයුම් කරුවන් හට ප්‍රධානය කෙරුණු කොන්ත්‍රාත්තු පිළිබද විස්තර ICTA WEB අඩවියේ යාවත්කාලීන කර නැත්තේ මෙම දුෂිත ගනුදෙනු වසන්කිරීමට දැයි අපට සාධාරණ සැකයක් මතුවේ.
COMMENTS