දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති සිහිනය සැබෑ වෙයි - මොරගහකන්ද මංගල දියවර මුදා හරියි (PHOTOS)
Homeප්‍රවෘත්ති

ජනපති සිහිනය සැබෑ වෙයි - මොරගහකන්ද මංගල දියවර මුදා හරියි (PHOTOS)

PropellerAds

දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ම...

පාර්ලිමේන්තුවේ විදුලි ලේකම් සුරේන් බටගොඩට දැඩි විවේචනයක්
විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි
මධුෂ්ලා ගැන ඉදිරි විමර්ශනවලට හත් පුද්ගල පොලිස්‌ කමිටුවක්‌
ජනපති සිහිනය සැබෑ වෙයි - මොරගහකන්ද මංගල දියවර මුදා හරියි (PHOTOS)

දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජාතියට දායාද කෙරිණි.

රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප‍්‍රශ්නය විසඳා එම ජනතාවගේ වසර ගණනාවක කදුළු කථාව නිමා කෙරෙන මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශ්‍රී  ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

රජ රට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා දීර්ඝ කලක සිට දුටු සිහිනයක් වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2007 වසරේ ඇරඹුණ ද නිසි රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම හේතුවෙන් එහි කටයුතු ප‍්‍රමාද විය.

2015 ජනවාරි 08 වනදින රාජ්‍ය නායකත්වයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කැපවීම සහ උනන්දුව මත ව්‍යාපෘතිය කඩිනම් කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජලාශයේ වාන් දොරටු විවෘත කරමින් රන් දියවර මුදා හැරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙන ව්‍යාපෘතිය නිල වශයෙන් මෙහිදී ශ‍්‍රී ලංකා රජය වෙත භාර කෙරුණු අතර මහජන චීන සමූහාණ්ඩුවේ අතරතුර තානාපතිනි පන්ග් චුන්ශුන් මහත්මිය විසින් ඊට අදාළ සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය.

මෙගා වොට් 25ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලිබලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.

නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර තිබෙන අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. ශී‍්‍ර ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැවි 2000 කට අලුත් දියවර සැපයේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඉදි කරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.

ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කරමින් පවතී. ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.

මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇද හැළෙන වර්ෂාපතනය ඝන මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප‍්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ. පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සඳහා සෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මුළුමහත් ජාතියටම හිමිවන ප‍්‍රතිලාභය අති මහත්ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති සිහිනය සැබෑ වෙයි - මොරගහකන්ද මංගල දියවර මුදා හරියි (PHOTOS)
ජනපති සිහිනය සැබෑ වෙයි - මොරගහකන්ද මංගල දියවර මුදා හරියි (PHOTOS)
http://ift.tt/2AGjZKo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/photos_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/photos_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy