දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'සුවසැරිය' දෙවැනි අදියරට මුල පිරීම හෙට.
Homeගොසිප්

'සුවසැරිය' දෙවැනි අදියරට මුල පිරීම හෙට.

PropellerAds

ඉන්දු - ශ්‍රී ලංකා දිගුකාලීන මිතු දම වඩාත් ශක්තිමත් කරමින් මීට වසර එකහමාරකට පෙර මෙරටට පිරිනැමුණු සුවසැරිය ගිලන්රථ සේවාවේ දෙවැනි අදියරට හෙට...

කථන හා ශ්‍රවණ ආබාධිතයන්ටත් රියැදුරු බලපත්
මධුෂ් හසුවීම - FEB 12 Morning Updates
රූකාන්ත ගුණතිලක එජාපෙන් ඉදිරි මැතිවරණයට

ඉන්දු - ශ්‍රී ලංකා දිගුකාලීන මිතු දම වඩාත් ශක්තිමත් කරමින් මීට වසර එකහමාරකට පෙර මෙරටට පිරිනැමුණු සුවසැරිය ගිලන්රථ සේවාවේ දෙවැනි අදියරට හෙට (03) කොළඹ අරලියගහ මැදුරේදී මුල පිරේ.

මේ සමඟම ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් සහිත නව ගිලන්රථ 209 ක්, ජාතික මට්ටමේ සුවසැරිය මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පුළුල්කිරීම, සුවසැරිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුව හා වියදම් මුදල් පවා අප රටට හිමිවනබව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

මුල් අදියර යටතේ මෙරටට ලැබුණු ගිලන්රථ 88න් 56ක් බස්නාහිර පළාතේ ජනතාවගේ සේවයට යොදා ගෙන තිබුණි. එම ගිලන්රථවලින් 22ක් කොළඹ දිස්ත්‍රික්කයටද, ගම්පහට හා කළුතරට ගිලන් රථ 17 බැඟින් ද ලබා දී තිබුණි.

ඉතිරි ගිලන්රථ 32 දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන වන ගාල්ලට 14ක්, මාතරට 12ක් හා හම්බන්තොටට ගිලන්රථ 06ක් ලෙස ලබාදී තිබුණු බව නියෝජ්‍ය ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

මෙම ගිලන්රථ සේවාව ආරම්භ කිරීම වසර 2016 ජූලි 28 වැනිදා සිදු වූ අතර, එදා මෙදා තුර 56000ක් මේ සේවාව ලබාගෙන ඇතැයි සුවසැරිය වැඩසටහන් කළමනාකරු ගයාන් චතුරංග මහතා පැවැසීය. දිනකට මේ සේවාව ලබා ගැනීමේ සාමාන්‍ය 150ක් වේ. මේ සේවාව ලබාගෙන රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව ප්‍රමුඛ සියලු දෙනාටම රෝගීවූ මොහොතක තම ජීවිත සුරක්ෂිත කර ගැනීමට කඩිනමින් රෝහල් කරා පිටත්වීමට හැකියාව ලැබුණු බවද ගයාන් චතුරංග මහතා කීය.

දරු ප්‍රසූතියක් සඳහා හදිසියේ රෝහල් ගතවීමට මේ සුව සැරිය ගිලන් රථ සේවාව ලබා ගත් ගැබිනි මව්වරුන් අතුරින් 21 දෙනෙක් මේ සේවාව තුළ දීම දරු ප්‍රසූතිය සිදුකොට ඇතැයිද වාර්තාවේ.

මේ ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලය ලෙස හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු, රියදුරෙකු පුහුණු කැරේ. මේ වනවිට මෙහි කාර්ය මණ්ඩලය 900 දෙනෙකි. මුළු රට පුරාම මේ සේවාව ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමත් සමඟ මේ කාර්ය මණ්ඩලය දෙදහසකට වැඩි වන බවද ගයාන් චතුරංග මහතා සඳහන් කෙළේය. පළාත් දෙකකට පමණක් සීමා වී තිබූ මේ හදිසි ගිලන්රථ සේවාව මුළු රටේ ඉතිරි පළාත් හතේම ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසමින් හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී එකඟතාවය පළකරනු ඇත.

මුල්‍ය ප්‍රදානයක් සහිතව ගිලන්රථ 88ක් සුවසැරිය පළමු අදියර ක්‍රියාත්මක කිරීමට මීට වසර 1 ½ කට පෙර මෙරටට ලබා දුන් ඉන්දීය රජය, ඉන් බස්නාහිර හා දකුණු පළාත් දෙකේ රෝගී ජනතාවට නොමිලේ මේ සේවාව ලබා ගැනීමට පහසුකම් ලබා දී තිබුණි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සුවසැරිය' දෙවැනි අදියරට මුල පිරීම හෙට.
'සුවසැරිය' දෙවැනි අදියරට මුල පිරීම හෙට.
http://ift.tt/2CB9LOa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy