දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තු ගුටිකෙළිය ගැන කථානායක පැහැදිලි කරයි.
Homeදේශපාලන

පාර්ලිමේන්තු ගුටිකෙළිය ගැන කථානායක පැහැදිලි කරයි.

PropellerAds

  විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි. පසුගිය ජනවාරි මස 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී ඇතිවූ කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන ...

කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක්ට කොවිඩ්
මෙරටින් තවත් කොරෝනා මරණ 2ක්
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර STF නිලධාරීන් 23ක් සහ පොලිසියේ 16ක්
පාර්ලිමේන්තු ගුටිකෙළිය ගැන කථානායක පැහැදිලි කරයි.

 

විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි.

පසුගිය ජනවාරි මස 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී ඇතිවූ කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජගත වෙමින් පවතින සත්‍යයෙන් තොරව පළවන විකෘති කරන ලද විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළ යුතුව ඇත.

සාමාන්‍ය පරිදි 2018 ජනවාරි මස 23 වැනි දින අපර භාග 1.00 දක්වා කල් තබන ලද පාර්ලිමේන්තුව බැඳුම්කර වාර්තාව නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව කලින් කැඳවනු ලැබිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තුමා සහ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉල්ලුම් කර තිබූ අතරම, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු අනුර දිසානායක මැතිතුමන් විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමන් සමග සාකච්ඡා කළ අතර ජනවාරි මස 09 වැනි අඟහරුවාදා අපර භාග 2.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්ද, කථානායකවරයාගේ යෝජනාව මත පසුදින, එනම් ජනවාරි මස 10 වැනි දින, පාර්ලිමේන්තුව කලින් කැඳවන ලෙසට ස්ථාවර නියෝග 14 යටතේ ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක්ද ලැබී තිබුණි.

මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කරන ලද පරිදි ස්ථාවර නියෝග 14 යටතේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන සභා ගර්භයේදී ගරු අගමැතිතුමන් විසින් පැහැදිලි කර දුන් පසු පක්ෂ නායකයින්ටද කථා කිරීමට අවස්ථාවක් ලබා දීමයි.

පාර්ලිමේන්තුවට මීට අමතරව බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස කථානායකවරයා විසින් දැනටමත් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා ඇති බවද සඳහන් කරන ලදී. පසුදා පැවැත්වෙන විවාදයට ප්‍රථම එය ලබා ගැනීම අවශ්‍ය බැවින්, එම ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලෙස ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් සභානායක ලේකම්වරයාටද උපදෙස් ලබාදී එකී වාර්තා පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දන්වා තිබුණි.

ජනවාරි මස 10 වැනි දින පෙරවරු කාලයේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් කථානායකවරයාට එදින නීතිපතිවරයාගේ උපදෙස් පිට මහ බැංකු අධිපතිතුමන්ටත්, අල්ලස් දූෂණ කොමිසමටත් පිටපත් යැවිය යුතු හෙයින් පාර්ලිමේන්තුවට අදාළ පිටපත් ජනවාරි මස 17 වැනි දින ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා එවා තිබුණි.

එමෙන්ම බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ද සම්පූර්ණ වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද එදිනම ඉල්ලීමක් කර තිබුණි. පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව කථානායකවරයාට එවූ ලිපියද කථානායකතුමා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

සැබෑ කරුණු මෙසේ තිබියදී, විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ යුත්තේ එදින පාර්ලිමේන්තුවේ රැස්වීමේ වැඩ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් ඇති බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයටත්, කථානායකවරයාටත් ලැබී තිබීමය.

එදින පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කළ විට එදින වාර්තා සභාවට නොලැබෙන බවට කථානායකවරයා දැනුම් දුන් පසු ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම කථානායකවරයා, වාර්තා ලබා දීමට පොරොන්දු වූ බවක් සඳහන් කරමින් ඉතාමත් අශෝභන ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බාධා කිරීම ආරම්භ කරන ලදී. තවත් පාර්ශ්වයකින් ලබාදීමට නියමිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස විධිමත් දැනුම් දීමක් කළ පසුව කවර අවස්ථාවක පාර්ලිමේන්තුවට ලැබේද යන බවට කිසිම අවස්ථාවක කථානායකවරයාට පොරොන්දු දිය නොහැකි අතර කතානායකවරයාට කළ හැක්කේ එම අදාළ වාර්තා පිටපත් ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු විගස විධිමත් ආකාරයට ඒවා සභාගත කිරීමයි. මින් නොනැවතුණ ජ්‍යෙෂ්ඨ, පරිණත දේශපාලනඥයෙකු වන ගරු දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා විසින් අදාළ වාර්තා පළමුව පාර්ලිමේන්තුවට ලබා දිය යුතු බවත්, එසේ නොදෙන්නේ නම් කතානායක බලතල පාවිච්චි කර, ජනාධිපති ලේකම්වරයා කැඳවා වාර්තා ලබා ගත යුතු බවත් ය.

කතානායකවරයාගේ පිළිතුර වූයේ අදාල පිටපත් ජනවාරි මස 17 වැනිදා ලබා දීමට දැනටමත් පොරොන්දු වී ඇති හෙයින්, කථානායකවරයාට ජනාධිපතිතුමන් සමගත්, ජනාධිපති කාර්යාලය හා පාර්ලිමේන්තුව අතරත් අනවශ්‍ය ගැටුම් ඇති කර රටේ අවුල් ඇති කිරීමට එතුමා කිසි විටකත් අපේක්ෂා නොකරන බවත් ය.

ඉන්පසු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ කිහිප දෙනෙකුගේ උසිගැන්වීම් තුළ සභා ගර්භයට පැමිණි මන්ත්‍රීවරු විසින් කලින් සැලසුම් කළ ආකාරයට අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් ඝෝෂා කරමින් සභාවේ වැඩකටයුතු අවුල් කිරීමට පියවර ගන්නා ලදී. පාර්ලිමේන්තුව රැස්වී ගරු අගමැතිතුමා කතා කර, ඉන්පසු අනෙක් අදහස් ප්‍රකාශ කළාට පසුව අවශ්‍ය ලිපි ලේඛනාදිය නොලදහොත් ඊළඟ පියවර සාකච්ඡා කිරීමට නැවත හමුවීමට ගරු දිනේෂ් ගුණවර්ධන මහතා හා ගරු අනුර දිසානායක මහතා හැර විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා ඇතුළු අනෙකුත් සියලුම පක්ෂ නායකයින් ඊට පෙර පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබිණ. ඒ අනුව ජනවාරි මස 10 වැනි දින පූර්ව භාග 11.20 ට නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ ගැටුමට හේතුව සභා රැස්වීම පැවැත්වීම යනුවෙන් ඉදිරිපත් කරන බොලඳ තර්ක බුද්ධිමත් ජනතාව හාස්‍යයෙන් ඉවතලන බව සඳහන් කළ යුතුය.මේ අනුව පදනම් විරහිතව ද්වේශ සහගතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම ගැන අපි කනගාටු වෙමු.

- කථානායක කාර්යාලය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29402,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තු ගුටිකෙළිය ගැන කථානායක පැහැදිලි කරයි.
පාර්ලිමේන්තු ගුටිකෙළිය ගැන කථානායක පැහැදිලි කරයි.
http://ift.tt/2mDIioa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_862.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_862.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy