ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා හෙළි කළේය. මේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා හෙළි කළේය.
මේවන විට බුලත් කොළය දෙකට ඉරා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කඩා ඇති බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා “කාගෙද මොළේ රනිල්ගේ මොළේ ඔන්න මොළ“ යැයිද ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මොළෙන් ප්‍රථමයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවූ බවත් ඉන් පසු පක්ෂය දෙකඩ කඩා දැමූ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඔලු ගෙඩි වෙනස් කිරීමේ බලය මෛත්‍රීට
මේ අතර මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා හාලිඇල පැවැති ජන හමුවකදී පැවසූවේ මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආණ්ඩු පෙරලන්න බැරි බවත් නමුත් ඔලු ගෙඩි වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණක් බවත්ය.
“අගමැති පත්කරන්නේත් ඇමතිවරු පත්කරන්නේත් ජනාධිපතිතුමායි. ඒක තේරෙන්නේ නැති යූඑන්පියේ සමහරු සරම ඇඳන් ඔලුවෙන් හිටගෙන කතා කරනවා. එතකොට පේන්නේ මොකක්ද?“ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
“මහබැංකු මුදල් කොල්ලය තුළ ඒ සොරකම් කළ අර්ථ සාධක අරමුදලින් බහුතරයක් මේ අහිසංක ජනතාවගේ මුදල්; වතුකම්කරුවන්ගේ මුදල්; ඒවා තමයි සොකරම් කරලා තියෙන්නේ. එහෙම බලන කොට මේ ජන්දෙදි යූඑන්පියට ජන්දයක් දෙන්න බැහැ. මොකද ලොකු එකා එහෙම සොරකම් කළාම පොඩි උන් හිතනවා පොඩ්ඩක් හරි හොරකම් කරන්න.“ ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS