පළාත් පාලන මැතිවරණයට වවුනියාව ප්‍රාදේශීය සභාවට ඊ.පී.ඩී,පී සංවිධානයෙන් තරග කරන ධර්මකුලසිංහම් සුජීවන් නැමැත්තාට කිසියම් පිරිසක් විසින් වවුනි...
පළාත් පාලන මැතිවරණයට වවුනියාව ප්‍රාදේශීය සභාවට ඊ.පී.ඩී,පී සංවිධානයෙන් තරග කරන ධර්මකුලසිංහම් සුජීවන් නැමැත්තාට කිසියම් පිරිසක් විසින් වවුනියාවේ මහරම්බකුලම් පළාතේදී පහර දී ඇති බවට ඊයේ (2) වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ.
මෙම පැමිණිල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලයටද ඉදිරිපත් කොට තිබේ. ඊ.පී.ඩී,පී.අපේක්ෂකයා පවසන්නේ තමන්ට නාඳුනන පිරිසක් විසින් පහර දුන් බවයි. පහර දුන් පිරිස වවුනියාව තුල මැතිවරණ කටයුතු කිරීමෙන් වැලකී ඉන් ඉවත් වන ලෙසට බලපෑම් කල බවද එසේ නොකළහොත් මීට වඩා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව තරයේම කියා සිටි බවත් පහර කෑමට ලක් වූ අපේක්ෂකයා කියා සිටියි.
පහර කෑමෙන් තුවාල ලැබූ අපේක්ෂකයා වවුනියාව මහ රෝහලට ඇතුළත් වී ඇති අතර වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS