එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පසුගියදා ජනාධිපතිතුමා රත්නපුරයේදී ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්...
එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගියදා ජනාධිපතිතුමා රත්නපුරයේදී ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වෙනවා නම්, එකට වාඩි වෙනවා නම් ඊළඟ දිනයේදීම අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. එහෙම තත්ත්වයක් ආවොත් ජනාධිපතිතුමාට අවශ්‍ය විදිහට අපි මේ ඇමතිකම්වලින් අයින් වෙලා ඇමති මණ්ඩලය සංශෝධනය කරන්න කියනවා. බෙදීම් රට පුරා ගෙනයන්නේ නැතුව ජනාධිපතිතුමාට ආණ්ඩුව හදන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒකට සූදානම් නම් ඒකට එකතු වෙන්න අපි සූදානම් විය යුතුයි. එහෙම වුණාම ජනතාවට තේරෙනවා ආණ්ඩුව හදන්න කැමති අය කවුද අකමැති අය කවුද කියලා. ඒක හොඳ වැඩක්. ඒක නිසා දැන් ආණ්ඩුවක් කරනවාද නැද්ද කියලා පැහැදිලි තීන්දුවක් ගන්න වෙනවා. අපි මේ ආණ්ඩුවේ ඉන්නේ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න. ඒ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිසා."
කැළුම් බෝධිමාන - මාතර
COMMENTS