දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කෝටි 50යි ඇමතිකමයි අරගෙන එදා SBට එකතුවුණානම් හරි.. මාසයක් තුල කැබිනට් ඇමතිකමක් නොදුන්නොත් තීන්දුවක් ගන්නවා..- රංගෙබණ්ඩාර

ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න...

ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් මාසයක් තුළ ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘‘හැමදාම මේවා කතා කර කර ඉන්න බැහැ මමත් බලනවා වැඩිකල් නොගොස් මේ ක්‍රියාදාමයන් වල අවසානය මොකක්ද කියලා.ඇති වෙත්ත පහුගිය දේශපාලන වාතාවරනය වෙලාවේ මම ජපානයේ ඉඳලා ලංකාවට ආවහම මට කතාකලා ඔබටත් තෑගිබෝග දෙන්නම් එන්න කියලා. එක පැත්තකින් කැබිනට් ඇමතිකම දෙන්න කියලා රටේ ප්‍රධානියා කතා කරනවා. හිටපු අමාත්‍යවරුවරු කතා කරනවා කැබිනට් ඇමැති ධුරය දෙන්නම් අනිත් පැත්තෙන් රුපියල් කෝටි 50ක් දෙන්නම් කියලා කතාකරනවා රුපියල් කෝටි 50 කොහොමද ගණන් කරන්න කියල අහනකොට කියනවා ඇමරිකන් ඩොලර්වලින් රුපියල් මිලියන 2.8 ක් දෙන්නම්.සල්ලි ගෙදරට ගෙනත් දෙන්නම් එන්න අපිත් එක්ක කැබිනට් ඇමති කමක් ගන්න එකතු වෙනන් කියලා.

මුළු රටම කිව්වා රංගේ බණ්ඩාර ඇමති රංගේ බණ්ඩා බණ්ඩාර නොමැතිව ආණ්ඩුවක් නැත රංගේ බණ්ඩාර නැත්තං යූ එන්පියක් නැත. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය කියලා. රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා රංග බණ්ඩාර තමයි හෙළි කළේ කියලා තව ඇමැතිවරුන් මන්ත්‍රීවලට ඕනතරම් කතා කරයි කියලා කියනවා. නමුත් එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා රංග බණ්ඩාර එඩිතර මිනිහා නිර්භීත මිනිහා අවංක මිනිහා කියලා රටේ හැම තැනම යන තැනක කියනවා.

මං මේ ඊයේ ගිහිල්ලා අද යන හැම තැනකම දකින දකින මිනිස්සු අත ඉඹිනවා ඔබතුමා තමයි මේක බේරගත්තේ කියලා. දැන් අපි ආණ්ඩුවක් පිහිටවූවා ආණ්ඩුව පිහිටවන කොට මේ සේරම කරලා තිබෙන්නෙ කෙලින් ඉඳලා තියෙන්නේ රටේ ජනතාවට ගෞරවය ඇති කරලා තියෙන්නේ රංග බණ්ඩාර.හැබැයි ආණ්ඩුව පිහිටුවලා ඇමති මණ්ඩලයේ පිහිටවලාත් අවසානයට බොහොම චුට්ටයි කරන්න තියෙන්නේ දැන් හැරවුම් ලක්ෂය එලියෙ හැරවුණු කට්ටිය ඇතුළේ හැරවුම් ලක්ෂ තාම එලියෙ දැන් මට මිනිස්සු කියනවා.

අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ කියලා එහෙම කරන්න තිබුණා නේද ඇයි එහෙම නොකලේ කියලා දැන් ඒවගේ ජංජාලයකට රංගේ බණ්ඩාරට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. මේ අවුරුද්දත් අසන් වේගන යනවා 2019 වන කොට මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් හැරවුම් ලක්ෂය හරවන්න වෙනවා.නැතුව මේක කරන්න බැරුව යනවා.හැමදාම බේරලා දීලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙත් නැහැ.

පුත්තලම මගෙ මිනිස්සුන්ට වැඩ කරන්න තියෙනවා.අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහන වාරි ක්ෂේත්‍රයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න වෘත්තීය ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න අපේ මිනිස්සුන්ගෙ ආර්ථිකයෙ බරපතල ප්‍රශ්න මෙහෙම බලනකොට හැම තැනකම ප්‍රශ්න. එහෙනම් නැවතත් මම රාජ්‍ය ඇමති වෙලා හරියන්නෙ නැහැ.නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැහැ දැන් අපිට දිස්ත්‍රික්කය ගොඩ නගන්න වාඩි වෙන්න ඕනා කැබිනට් ඇමති ධූරයේ මේ තත්වය කඩිනමින් ලැබිය යුතුයි. එ

හෙම නැතුව හැරවුම් ලක්ෂය එලියෙ තියලා අනිත් අය හරවලා හරියන්නෙ නැහැ.මේ මාසය තුල ප්‍රශ්නය විසඳුනේ නැති නම් හැරවුම් ලක්ෂය පිළිබඳ තීරණ ගන්න වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනා”

– lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 50යි ඇමතිකමයි අරගෙන එදා SBට එකතුවුණානම් හරි.. මාසයක් තුල කැබිනට් ඇමතිකමක් නොදුන්නොත් තීන්දුවක් ගන්නවා..- රංගෙබණ්ඩාර
කෝටි 50යි ඇමතිකමයි අරගෙන එදා SBට එකතුවුණානම් හරි.. මාසයක් තුල කැබිනට් ඇමතිකමක් නොදුන්නොත් තීන්දුවක් ගන්නවා..- රංගෙබණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5-OkXR2Ainpn4udZlpUCDwmSpgwdnoObSZsniDbvqSwhafus21tXf_swwslHPuEEsa77llJ2y7ZA1E4met9xi9FvMxmPstuhqgP0afhiweHTRGfsb7UUU1pyiisI3oK5Qc9Pg9ymz3ak/s320/ranga.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5-OkXR2Ainpn4udZlpUCDwmSpgwdnoObSZsniDbvqSwhafus21tXf_swwslHPuEEsa77llJ2y7ZA1E4met9xi9FvMxmPstuhqgP0afhiweHTRGfsb7UUU1pyiisI3oK5Qc9Pg9ymz3ak/s72-c/ranga.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/50-sb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/50-sb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy