Loading... මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට දෙමල ජාතික ස...
Loading...
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට දෙමල ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඔවුන් මූලිකව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ඔහු දරන ලද සන්ධාන මන්ත්‍රි ධුරය අහෝසි වන නිසා විපක්ෂ නායක ධුරයට පත් කල නොහැකි බවයි.
එමෙන්ම එජනි සන්ධාන නායකයා වන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස ඇමති ධුරයක් දරන නිසා සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබා දිය නොහැකි බවටද ඔවුන් කියා සිටිති.
මෙම නඩු විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරය දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්දැයිද අධිකරණයෙන් ඉල්ලා සිටීමටද දෙමල සන්ධානය තීන්දු කර තිබේන බව පා.ම එමි.ඒ සුමන්තිරන් මහතා පවසයි.මහින්ද රාජපක්ශ මහතා විපක්ශනායක ධුරයේ කටයුතු කලහොත් ඉදිරියේදි ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සන්ධාන මන්ත්‍රින් ගේ සහායෝගය ලබාගත නොහැකි වනු ඇතිබව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS