රටට ඉමහත් සේවයක් සිදුකළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්...
රටට ඉමහත් සේවයක් සිදුකළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය ඊයේ (06) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූවාය.
නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ සහ ජාතිය ගොඩනංවන පුළුල් මෙහෙවරක් උදෙසා කැපවන්නට සිටි තම පියාගේ දේශපාලන ගමන් මඟ මෙහිදී සිහිපත් කළ සරලා ඇතුළත්මුදලි මහත්මිය අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කරමින් ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළාය.
එමෙන්ම ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ඕනෑම අවස්ළුාවක තම සහය ලබාදීමට සූදානම් බව ද ඒ මහත්මිය කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙඳ, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විය.
මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ජනතාව අතර ප්‍රකට වූයේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙසිනි.
රටත්, ජාතියත් වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකරමින් සිටියදී 1993 අප්‍රේල් මාසයේදී එතුමා සාහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.
COMMENTS