පසුගිය 30දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට භාරදෙනු ලැබූ බැඳුම්කර වාර්තාවේ පිටපතක් වහාම තමා වෙත ලබාදෙන මෙන් හිටපු මුදල් අමාත්‍ය - රවී කරු...
පසුගිය 30දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට භාරදෙනු ලැබූ බැඳුම්කර වාර්තාවේ පිටපතක් වහාම තමා වෙත ලබාදෙන මෙන් හිටපු මුදල් අමාත්‍ය - රවී කරුණානායක ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් ඔහු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.
පෙරේදා දිනයේදී ජනපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශය මගින් දඬුවම් ලැබීමට තමාව පමණක් වෙන් කළ බවට පවසමින් මේ හේතුවෙන් ඉතා ඉක්මනින් තමාට මෙම වාර්තාවේ පිටපතක් ලබාදීමට කටයුතු කරන මෙන් ඔහු ඉල්ලා සිටියි.
දුරකථන සංවාද 'මිසින්'
බැඳුම්කර කොමිසමේදී ප්‍රසිද්ධියට පත් වූ මැති ඇමතිවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳව කොමිසමේ අවසන් වාර්තාවට කිසිදු කරුණක් ඇතුළත් නොවීම නිසා මෙය දේශපාලන හානියක් කිරීමේ අරමුණින් රහස් පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ උපක්‍රමයක් දැයි සොයා බලන ලෙස ජනපතිට සහ අගමැතිට පැමිණිලි කිරීමට අදාළ මැති ඇමතිවරුන් තීරණය කර තිබේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදී මැති ඇමැතිවරුන් පස් දෙනකුගේ දුරකථන සංවාද තොරතුරු හෙළි කොට මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට ලක් කිරීමෙන් ඔවුනට සිදු වූ දේශපාලන හානිය විශාලය.
දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්‌ටර් අප්පුහාමි යන මැති ඇමැතිවරුන්ගේ දුරකථන සංවාද තොරතුරු මෙ ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත රහස් පොලිසිය විසින් බැඳුම්කර කොමිසට වෙත ඉදිරිපත් කර තිබිණි.
එම දුරකථන සංවාද සම්බන්ධව කිසිදු කරුණක් අවසන් වාර්තාවේ ඇතුළත් නොවීම නිසා එය දේශපාලන හානියක් සිදු කිරීමේ අරමුණින් කළ බවට කරුණු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්‌ටර් අප්පුහාමි මහතා පැවසීය.
එලෙස තම දුරකථන සංවාද තොරතුරු ලබා ගැනීමට උපදෙස් දුන්නේ කවරකු දැයි සොයා බලන ලෙස කථානායකවරයාගෙන්ද ඉල්ලා සිටින බවත් හෙතෙම කියා සිටියේය.
COMMENTS