මෙයා 5 මදි වෙලා 6ක් කොරගන්න ගියා. ඕක තමයි පරිස්සම් වෙන්න ඕනේ උපදේශකයන්ගෙන් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මාලබේ අරංගල ප්...
මෙයා 5 මදි වෙලා 6ක් කොරගන්න ගියා. ඕක තමයි පරිස්සම් වෙන්න ඕනේ උපදේශකයන්ගෙන් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මාලබේ අරංගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“කවදාකවත් මෙහෙම ආණ්ඩු තිබුණේ නැහැ මේ වගේ පලි ගත්ත. අපිට බැන්නම, අපිට දොස් කිවුවම එයාලා කරන වැරදි ඔක්කොම වැහෙනවා කියලා. වරදියි මහත්තයෝ. මට බැන බැන ගියා අවුරුදු 2ක් තියලා මම ආවයි ඉස්සර කියලා. මම පරිත්‍යාග කළා අවුරුදු 2ක්. වැඩේ වැරදුනා. එතකොට ඒක පරිත්‍යාගයක්. හැබැයි මෙයා මොකද කළේ 5 මදි වෙලා 6ක් කොරගන්න ගියා. ඕක තමයි පරිස්සම් වෙන්න ඕනේ උපදේශකයන්ගෙන්. රටක පාලනයක් නැහැ. කුලල් කා ගන්නවා ඇමතිවරු. එකාට එකා බැන ගන්නවා. අනිත් එකාට හොරා කිය කිය. ජනතාව ඉදිරියේ මෙයලා නිර්වස්ත්‍ර වෙනවා කියන එකයි අද අපිට පෙන්නේ. මෙයාලා ගිහිල්ලා අද මොනවද කරන්නේ? කරපු වැඩක් තියෙනවද? අපි කරපු වැඩ විවෘත කරනවා. මේවට රැවටෙන රටක්, ජාතියක් අද නැහැ."
"මම දැක්කා එක හාමිනේ කෙනෙක් කියනවා, මම තුනෙන් 2ක් ඉවර කරලා තිබුණා. මහින්ද ටිකයි කොරේ කියලා. සියලු වැඩ කරලා තියෙන්නේ එතුමිය. වෙන කවුරුවත් කොරලා නැහැ. රට දන්නවා මේවා පිළිබඳව. එයාලා ගැන කතා කරලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අද තියෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නෙවෙයි, අද තියෙන්නේ චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක ප්‍රතිපත්ති. ඒකයි වැරදිලා තියෙන්නේ. එදා 08 වෙනිදා වෙච්ච වැරැද්ද අද නිවැරදි කිරීමට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා 10 වෙනිදට කියලා තමුන්නාන්සේලාට මතක් කරනවා. ඒ අන් කිසිවක් නෙවෙයි පොහොට්ටුවට ජන්දේ දීලා”යැයිද වැඩිදුරටත් pawasi
COMMENTS