ලබන මස (පෙබරවාරි) 08 දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැඳුම්කර විවාදයට පෙර බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් රැසක් මාධ්‍ය හමු...
ලබන මස (පෙබරවාරි) 08 දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැඳුම්කර විවාදයට පෙර බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් රැසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට ආන්දෝලනාත්මක බැඳුම්කර සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා තීරණය කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
එහිදී බැඳුම්කර ගනුදෙනුවට අදාළව මෙතෙක් හෙලිනොවූ කරුණු රැසක් සහ ඊට අදාල දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේම රහස් ගනුදෙනු හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන් සම්බන්දයෙන් විවාදය පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීම සදහා කැඳවීම් ලිපිය සඳුදා දින යොමු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දෙනියාය - මොරවක නගරයේ අද පැවැති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කථානායකවරයා ඊයේ දිනයේදී දැනුවත් කළ බවයි.
මෙම වාර්තාවන්හි විවාදයන් මැතිවරණයෙන් පසු යොදා ගත්තේ දුෂිත ප්‍රභූ සන්ධනායේ එකගතාවයෙන් බවත් හැකිනම් මැතිවරණයට පෙර අදාල විවාදය සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා පසුගියදා මැතිවරණ ප්‍රචාරක රැලියකදී අභියෝග කලේය.
COMMENTS