තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්ව ප්‍රචාරණ ආයතනයකට බාරදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ...
තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්ව ප්‍රචාරණ ආයතනයකට බාරදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේ දී පැවති ජන හමුවක් අමතමිනි.
තමාට විරුද්ධ කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් පෞද්ගලික ජීවිතය අලලා මඩ ගැසීම මෙම පිරිසේ සැලසුම වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් දිනකදී මෙම පිරිස එක්ව සාකච්ජාවක් පවත්වා තිබෙන බවත් එම සාකච්ජාවට සම්බන්ධ වූ අයෙකු තමන්ට මේ විස්තර ලබා දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර තිබෙන බවත් තමාට මඩ ගසමින් කුමක් ප්‍රචාරය කලද ඒ කිසිවකට බිය නොමැති බවත් අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ද තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කළ බවත් එවැනි බාල උපක්‍රම මඟින් තමන්ගේ ජයග්‍රහණය වැලක්වීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS