හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ කුමනාකාරයට දැයි බැඳුම්කර කොමිසම මඟින් මනාව පෙන්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර...
හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ කුමනාකාරයට දැයි බැඳුම්කර කොමිසම මඟින් මනාව පෙන්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තා සහ බරපතළ වංචා, දුෂණ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පෙරේදා (23) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මහ බැංකු ගනුදෙනුවේදී අදාළ ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා එයට මැදිහත් වීමේ කාර්යය පෙන්නුම් කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයාගේ මැදිහත් වීමේ ස්වභාවය සහ එම නිලධාරීන්ගේ කාර්ය පටිපාටියේ දුබලතාව නිසා සේවක අර්ථසාධක අරමුදලේ කෝටි 580කට වැඩි ප්‍රමාණයකට සිදු වූ හානි පෙන්වා තිබෙනවා. සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ අපේ රටේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් විශ්‍රාම ගිය විට ලබා ගන්නා මුදල. ඒ මුදලෙනුයි කෝටි 850ට ආසන්න මුදලක් මේ වංචාකරුවන් විසින් එක් රැස් කරගෙන තිබෙන්නේ. අපේ රටේ වංචා දුෂණවලට මොනතරම් ප්‍රබලයන් සම්බන්ධ වී තිබෙනවද, ඔවුන්ගේ අතු විහිදී තිබෙන්නේ කුමන ආකාරයටද යන්න පිලිබඳ පැහැදිලිවම සඳහන් වෙනවා.”
“මෙහි වැරදිකරුවන්ට නැවත දඬුවම් ලබා දීමේ ප්‍රතිපාදන තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට. නමුත් මේ සියල්ල යම් දේශපාලන ආධිපත්‍යකට යටත් වී තිබෙනවා. හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා කතාවක් තිබුණා. හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ කවරාකාරයෙන්ද කියලා බැඳුම්කර කොමිසම හරහා පෙන්නුම් කරමින් තිබෙනවා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තිබුණා. මේ කොමිසම හරහා ඒ කතාවත් පෙන්නුම් කර තිබෙනවා.” යැයිද ඒ මහතා කියා සිටියේය.
COMMENTS