දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිතුමා මේ සැරසෙන්නේ කුමකටද?
Homeගොසිප්

ජනාධිපතිතුමා මේ සැරසෙන්නේ කුමකටද?

PropellerAds

නියමිත ධුර කාලයෙන් පසුව තවත් වසරක්, එනම් 2021 ජනවාරි 9 වන තෙක් තමන්ට ධුරයේ රැඳී සිටීමට හැකිදැයි විමසා බලන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...

යතුරු පැදියෙන් පෙරළුණ තරුණයා නුවන් කුලසේකරගේ වාහනයට යටවූ හැටි
වෙන කොහෙවත් නැති ජපානයෙ විතරක් ඇති දේවල් 7 ක්
දුමින්ද සිල්වා ඇතුලෙ පිස්සුවෙන් ඉන්නවා - බන්ධනාගාරයට ගොස් ආ සීලරතන හිමියන් කියලා
නියමිත ධුර කාලයෙන් පසුව තවත් වසරක්, එනම් 2021 ජනවාරි 9 වන තෙක් තමන්ට ධුරයේ රැඳී සිටීමට හැකිදැයි විමසා බලන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කර ඇති අතර එය අනිද්දා, එනම් ජනවාරි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උදෑසන 11 ට විමසා බැලීමට නියමිත ය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති ප්‍රශ්නය වන්නේ තවත් වර්ෂයක් වැඩිපුර, එනම් වසර 2021 ජනවාරි 9 වැනිදා වන තෙක් තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට නීති ප්‍රකාරව හැකියාව තිබේද යන්නයි. එම ප්‍රශ්නයේ සිංහල අදහස මෙසේ ය.

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, තේරී පත්වූ තැනැත්තෙකු වශයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) වගන්තිය ප්‍රකාරව 2015 ජනවාරි 9 වැනිදා පටන් ජනාධිපති ධුරය දරන තැනැත්තා වන මා හට, 2015 ජනවාරි 9 වැනිදා පටන් වසර 06 ක කාලයක් සඳහා එම ධුරය දැරීමට යම්කිසි බාධාවක් තිබේද?“

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) උප වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති අතර එම මතය ජනවාරි 14 වැනිදා හෝ ඊට පෙර තමන්ට දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 සිට වසර 5 දක්වා සීමා කෙරුණේ ජනාධිපති ධුරය වටා අත්තනෝමතික බලතල එ්කරාශී වීම වැළැක්වීමට ය. එය යහපාලනයේ ජයග්‍රහණයක් වශයෙන් මේ තාක් සැලකුණි. 2015 ජනවාරි මාසයේ යහපාලන ආණ්ඩුව බලයට පත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට පවා ප්‍රතිඥා දෙමිනි. නමුත් දැන් පෙනී යන්නේ විධායක ධුරය අහෝසි කිරීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ 225 න් 215 ක්ම අත උස්සා සම්මත කළ 19 වන සංශෝධනය ආපස්සට හැරවීමට ජනාධිපතිවරයාම උත්සුක වෙමින් සිටින ආකාරයයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපතිගේ ඉල්ලීම පිළිබඳ සිය මතය දැක්වීමට, අගවිනිසුරුවරයාගේ උපදෙස් මත නීතීඥ සංගමයට ආරාධනා කරන ලිපිය යවා ඇත්තේ ඊයේ දිනයේදීම වීම දෛවෝපගත ය. ඊයේ, එනම් ජනවාරි 8 වැනිදා යහපාලන ආණ්ඩුවට තෙවරසක් සපිරුණු දිනයයි. අද දිනය, මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ජනපති ධුරයේ දිවුරුම් දී තෙවසරක් සපිරෙන දිනයයි.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් යවා ඇති එම ලිපියේ එම විමසීම කරන දිනය දැක්වීමේදී 2018 වෙනුවට 2016 වරදවා සටහන් කර ඇති බව ද පෙනේ.

යහපාලනය විසින්ම වර නැගූ 19 වන සංශෝධනය හුදු ව්‍යවස්ථාමය සැරසිල්ලක් බවට පත්කර, පෙර පුරුදු ආඥාදායක සහ කෑදර විධායක ක්‍රමය වෙත නැවත යාමට ජනාධිපතිවරයා ට අවශ්‍ය ව තිබේද?

ජනාධිපතිතුමා මේ සැරසෙන්නේ කුමකටද?




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29437,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිතුමා මේ සැරසෙන්නේ කුමකටද?
ජනාධිපතිතුමා මේ සැරසෙන්නේ කුමකටද?
http://ift.tt/2DfS7jm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_187.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_187.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy