දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ෂිට් හෝල් එක ෂට් ඩවුන්' වෙලා !

දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන්වල දරුණු නියඟයක්. බොන්න වතුර පොදක් නෑ. අප්‍රේල් 21 වෙනිදා වෙනකොට සියළුම ජලය ඉවරවෙනවා. වතුර ඉවරවෙනවා කියන්නෙ මා...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ෂිට් හෝල් එක ෂට් ඩවුන්' වෙලා !

දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන්වල දරුණු නියඟයක්. බොන්න වතුර පොදක් නෑ. අප්‍රේල් 21 වෙනිදා වෙනකොට සියළුම ජලය ඉවරවෙනවා. වතුර ඉවරවෙනවා කියන්නෙ මානව ශිෂ්ඨාචාරයේ වඳවීම. ඉතිහාසයේ මානව ශිෂ්ඨාචාර බිහිවුනේ ගංඟාවල් ආශ්‍රිතව. උත්තරාධ්‍ර ගෝලයේ දක්ෂිණාධ්‍ර ගෝලයේ ග්ලැසියර් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. ලෝකෙ වටේම ගිනිකඳු සක්‍රිය වෙලා. ලෝකය පුරාම මොකක්දෝ මහා විශාල දෙයක් සිද්ධ වෙනවා කියලා ඕනම නොදරුවෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒත් නොදරුවන්ගෙත් නොදරුවෙක් වන ලෝකයේ බල සම්පන්නම පුටුව හොබවන ඇමරිකාවෙ ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ට මේ හැම එකක්ම 'Fake News' හෙවත් බොරු ප්‍රවෘත්ති. මිනහා කට ඇද කරලා කියන්නෙ ‘දැට් ඊස් අ ෆේක් නූස් ' කියලා. ඒක නිසා තමයි උන්නැහේ පැරිස් ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව අයින් කර ගත්තෙ. ඔය වගේ ලෝක සම්මුතීන්ගෙන් කැඩිලා වෙන් වුනහම ඇමරිකාව ආයිත් ග්‍රේට් වෙනවා කියල තමයි මිනිහා හිතන්නෙ. මේ මිනිහට පිස්සෙක් කියල කියන එක පිස්සන්ට කරන අපහාසයක්.

‘බාර් මල්ලි .... උඹලා ඉතිං අපි ගැන ලියන්නෑනෙ. ඩොක්ටර්ලයි ප්‍රොක්ටර්ලයි යුනිවර්සිටි ලෙක්චරස්ලයි සුපිරි බිස්නස්කාරයොයි බීබීසී එකේ මීඩියා ඔස්තාර්ලයි කියන කතා විතරනෙ උඹලා ලියන්නෙ. කාන්තාවන්ට සම අයිතිය දෙනව කිව්වට උඹ පබ් එකට එන එක ගෑණියෙක් ගැනවත් මොනම සඳහනක්වත් කරලා තියෙනවද?' බාර් මෑන්ට කට උත්තර නැතිවෙන ප්‍රශ්නයක් ඇහුවෙ කමලක්කා. අපි එයාට ආදරේට කියන්නෙ ‘බස් කමලා' කියලා. එයාගෙ ජොබ් එක තමයි ලන්ඩන්වල බස් එළවීම. කමලක්කා ඩබල් ඩෙකර් බස් එක එළවන්නෙ හරියට අපි බයිසිකලයක් පදිනවටත් වඩා සැහැල්ලුවෙන්. අවුරුදු 15 ක් විතර කමලක්කගෙ ජොබ් එක ලන්ඩන් ට්‍රාන්ස්පෝට් සර්විස් එකේ රියදුරු වෘත්තිය. ලංකාවෙ අම්බලන්ගොඩ තමයි කමලක්කගෙ ගම. පහුගිය දවසක කමලක්කට කරදරයක් වෙලා අවුරුදු දෙක තුනකට බ්‍රික්ස්ටන් ප්‍රිසන් එකටත් යන්න වුනා. පොඩි ඉමිග්‍රේෂන් කේස් එකකට. කමලක්කා ලිවින් ටුගෙදර් හිටියෙ ‘කිංග්ස්බරි අනියා' කියන නසරානි බුවා එක්ක. මිනිහා කමලක්කගෙ අල්ලපු ගමේ කොස්ගොඩ. අනියව පුංචිකාලෙ අනියගෙ අම්මා ජර්මන් කාරයෙක්ට විකුණලා. ඒ මිනිහා දරු කමට හදා ගන්න අනියව ජර්මන් ගෙනල්ලා. කරදඬු උස් මහත් වෙනකොට අනියා කරල තියෙන්නෙ ජර්මනියෙන් පැනලා ලන්ඩන් ආපු එක. දැන් අවුරුදු 25 ක් විතර අනියා ජීවත්වෙන්නෙ උතුරු ලන්ඩනයේ කිංග්ස්බරිවල. දෑතෙ දෙපයෙ රස්සාවක් කරන්නෑ. කරන තරමක් කරන්නෙ ජල්තර වැඩ. ආතක් පාතක් නැති චරිතයක්. මිනිහගෙ රස්සාව තමයි එයා වගේම ආතක් පාතක් නැති එවුන්ට නැෂනල් ඉන්ෂුවරන්ස් නොම්බර හදලා දෙන එක. බෑන්ක් එකවුන්ට් ඇරලා දෙන එක. ලෝන් පාස් කරලා දෙන එක. ඉගන ගන්න ඇවිල්ලා ඉස්කෝලෙ යන්නැතුව ජොබ් කරන එවුන්ගෙ වීසා දික් කරලා දෙන එක. නියම චරිතයක්.

කමලක්කත් අනියව හම්බවෙලා තියෙන්නෙ තමන්ගෙ එකම මල්ලිව ලන්ඩන් ගෙන්න ගන්න ක්‍රමයක් හදාගන්න. හැම එකම ට්‍රයි කරලා බැරිම තැන අනියා කමලක්කව ලංකාවට යවලා මල්ලීට බොරු උප්පැන්න අයිඩී කාඩ් හදලා අන්තිමේ කරලා තියෙන්නෙ තමන්ගෙ එක කුසේ උපන් සහෝදරයව කමලක්කට බන්දලා දෙන එක. පස්සෙ කමලක්කා මල්ලිව ලන්ඩන් එක්ක ඇවිල්ලා තියෙන්නෙ ස්වාමිපුරුෂයා විදිහට. ඔහොම ටික කාලයක් ගියා කියමුකො. අනියයි කමලක්කයි අතර මුදල් ගණුදෙනු පටලැවිල්ලක් නිසා අනියා හෝම් ඔෆීස් එකට (ස්වදේශ කටයුතු අමාත්‍යංශය) ඔත්තුව දීලා අක්කවයි මල්ලිවයි ඇරස්ට් කරලා. මල්ලිව ආපහු ලංකාවට ඇරියා. කමලක්කට හිරේ විලංගුවෙ ලගින්න වුනා. අනියා ආගිය අතක් නෑ. එළියට ඇවිල්ලා සෑහෙන කාලයක් යනකම් කමලක්කා පබ් එක පැත්තෙ ආවෙ නෑ. දැන් ආයිත් පරණ පුරුදු විදිහට යන්න එන්න පටන් අරගෙන ටිකක් කල්. බාර් මෑන් කමලක්කගෙ අවසරය අරගෙන තමයි මේ සිිද්ධිය ලිව්වෙ. අනියත් හිටපු ගමන් ලන්ඩන්වල හැංගිලා ඉන්න එකෙක් දෙන්නෙක්ව උස්සගෙන ඇවිල්ලා පබ් එකේ කොණකට වෙලා උන්ට මොනව හරි ලනු දිදී උන්ව සුද්දකරගෙන බොනවා. එක එක වැඩ කරලා දෙන්නම් කියල ඇඩ්වාන්ස් ගන්නෙත් පබ් එකේදිම තමයි. කමලක්කා මේ ළඟදි ආවෙ එයාගෙ ගමේ නංගි කෙනෙක් එක්ක. නංගිගෙ නම බානු. මෙහේ ඉගෙන ගන්න ආපු එක්කෙනෙක්. ලන්ඩන් වල වැඩ කරන්න අවශ්‍ය නැෂනල් ඉන්ෂුවරන්ස් නම්බර්ස් එහෙමත් තියෙනවා. කමලක්කගෙ පෙරැත්තය නිසා බාර් මෑන් බානු නංගිව පබ් එකේ වැඩට ගත්තා. කමලක්කා ආපු දවසට එයත් හරි හරියට අපේ අනිත් අයත් එක්ක පයින්ට් දෙක තුනක් බොනවා. වැඩිපුර ආස රෙඩ් වයින්වලට.

පහුගිය සුමානෙ ආපු වෙලාවෙ කමලක්කා කියනවා ‘ඈ බං මල්ලියෙ මං මේ කියනකම් දැනන් හිටියෙ නෑනෙ ලංකාවෙ ගෑනුන්ට බාර්වලින් ඇල්කොහොල් ගන්න බෑ කියලා. අනික ගෑනුන්ට බාර් වල වැඩ කරන්නත් බෑ කියලා. අපේ බානු නංගි ලංකාවෙ හිටියනම් වැඩේ කපෝතියි. බොන්ඩත් බෑ බාර් වල වැඩ කරන්නත් බෑ'

‘ඔව් ඇයි නරකද? ගෑනුන්ට බොන්ඩ දෙන්න හොඳ නෑ. ගෑනු ඉන්ඩ ඕනෙ අපි බොනකොට බයිට් හදන්න. අනික උන් බීලා වැටුනහම කවුද ගෙවල් දොරවල්වල වැඩ කරන්නෙ? ළමයි බලන්නෙ? අපි වමනෙ දානකොට ඔළුවෙ දෙහි අතුල්ලන්නෙ. උදේට තේ එකක් හදලා දෙන්නෙ. රස්සාවට යන්න බත් එකක් බැඳලා දෙන්නෙ. ඔය මංගලලා වගේ ගෑනු ආස්සරයක් නැති ඈයො තමයි මේ වගේ නපුංසක නීති ගේන්නෙ' එහෙම කිව්වෙ අම්බලන්ගොඩට අල්ලපු ගමේ ගාල්ලෙ අමරෙ අයියා.

‘හරියට හරි අමරෙ. හෙල බොදු කුල කත කියන වන්දනීය චරිතය මේ මංගලයා නැති කරලා දාන්න හදන්නෙ. ජාතියක් ජන්මයක් ඇති එකෙක් යැ. මේ සිංහල කුල කාන්තාව නැති කිරීමට කෙලින්ම බටහිරින් කෙරෙන කුමන්ත්‍රණයක්' අමරෙගෙ කතාවට දොස්තර හෙල කුමාර හූමිටි තිබ්බා.

‘ හෝව්... පොඩ්ඩක් හෝව්... දොස්තර මහත්තයො. මං දන්න විදිහට ඔය නීති සුද්දා ගෙනාපු නීති. ඒ කියන්නෙ සිංහල කුල කාන්තාව ආරක්ෂා කිරීමට තමයි සුද්දා ඒ නීතිය පනවලා තියෙන්නෙ. ඉතිං කොහොමද මේක සිංහල කුල කාන්තාව නැති කිරීමට බටහිරින් කෙරෙන කුමන්ත්‍රණයක් වෙන්නෙ' කමලක්කා ආයිත් කතාවට සම්බන්ධ වුනේ අතරැදි බියර් වීදුරුව පෙසක තබමින්.

‘නෑ නෑ ඒක හරි. මේක බටහිර කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක මංගලගෙ කුමන්ත්‍රණයක්. හෙල කුල කත නැති කිරීමට' එහෙම කිව්වෙ අමරෙ අයියා.

‘දොස්තර මහත්තයො ...... ගෑනු බිව්වහම මක්කා වෙනවාද? මම ලන්ඩන්වල විතරක් නෙමෙයි අම්බලන්ගොඩ ගියහමත් බොනවා. මං වැඩි හරියක් බොන්නෙ ගෑනු උදවිය එක්ක. ඔය නීති තිබ්බා නැතා අපිට ඕන වෙලාවට අපි බොනවා. මිනිස්සු වගේ අපි බීලා පිස්සු කෙලින්නෑ. අපි දන්නවා අපේ ලිමිට් එක. ඊළඟට අපේ ඩියුටි එක. අද මම මෙතන බීලා ගිහිල්ලා හෙට සෙන්ට්‍රල් ලන්ඩන්වල ඩබල් ඩෙකර් බස් එකක් එළවන්නෙ. ඉමිග්‍රේෂන් වරදකට මම හිරේ ගියා වුනත් පහුගිය අවුරුදු පහලොව විස්සකටම මගේ අතින් කිසිම ඩ්‍රයිවින් ඔෆෙන්ස් එකක් වෙලා නෑ. මම හොදට බොන ගෑනියෙක්. මම බොන්නෙ මගේ ස්ට්‍රෙස් එකට. ඒක හොද දෙයක් නෙමෙයි. ඒක මම දන්නවා. නමුත් අනපනත් දාලා ගෑණුන්ව වලක්වන්න කාටවත් බෑ '

‘ අනේ නිකං හිටහන් කමලො. අපේ ලංකාවෙ ගෑනුත් උඹ වගේ හිතුවනම් මෙලහට පවුල් සී සීකඩ. පවුලක් පන්සලක් නොවිච්චි මංගල මොනව දන්නවද? දෙයියො බැලුවා වගේ සිරිසේන ජනාධිපති තුමා මේකෙ අනතුර දිවියක්ඥානෙන් වටහාගෙන මුළු කැබිනට් මණ්ඩලයම කැමති කරවගෙන මේ බහුබූත නීතිය ආපහු හැරෙව්වා. දෙයියෝ බුදු වන්ඩ..... නැත්තන් ලංකාවක් නෑ. '

‘හිටපු ජනාධිපතිතුමා වුනත් කොච්චර බිව්වත් ගැනු බොනවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සිරිසේනගෙයි රාජපක්ෂගෙයි සංහිදියාව පටන්ගන්නෙ ඔතනින් තමයි. එතුමා කියල තිබ්බෙ ගොඩක් පවුල්වල දැන් තාත්තලා නෑ බීම නිසා. අම්මලත් බොන්න පටන් ගත්තොත් දරුවන්ට යන කලදසාව මොකක්ද කියලා'

‘ ඒ කියන්නෙ දොස්තර මහත්තයො ඔය නීතිය අහෝසි කරපුවහම හැම අම්ම කෙනෙක්ටම බීම අනිවාර්ය වෙනවද? ඔහොම නීතියක් තිබුණයි කියලත් මම දැන ගත්තෙ ඕක අහෝසි කරපුවහම. ඔය නීතිය තිබුණ කාලෙ අපේ මේ කමලක්කලා වගේ අය නොබී හිටියද? බොන කෙනාට නීති තිබුණත් එකයි නැතත් එකයි' එහෙම කිව්වෙ අපේ අලුත් වේටර්වරිය බානු නංගි දොස්තර හෙල කුමාරට එයාගෙ ප්‍රියතම ජින් ඇන්ඩ් ටොනික් වීදුරුව පිලිගන්වමින්. ගෑනු අය බීම හල්වල සේවය කිරීම හෙලා දකින දොස්තර හෙලකුමාර බානු දුන්න වීදුරුව අතට ගත්තෙ මද පැකිලීමකින් යුතුව.

ඔය අතරතුරේ තමයි අපේ අනික් කට්ටිය පබ් එකට ගොඩවුනේ.

‘මට මාර ප්‍රශ්නයක් බාර් මල්ලි'

‘ ඒ මොකක්ද රංජන් අය්යා?'

‘ෂිට් හෝල් එක ෂට් ඩවුන් වෙලා'

‘නෑ.... මලකෙලියයි. ටොයිලට් යන්නම බැයිද? 

‘ නෑ .. නෑ... බං මට නෙමෙයි. අපේ ට්‍රම්ප් තුමාගෙ ෂිට් හෝල් එක තමයි ෂට් ඩවුන් වෙලා තියෙන්නෙ'

‘ඕ... ක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයිනෙ බං. එතුමාගෙ මූන දිහා දැක්කහම තේරෙන්නෙ නැද්ද පස්ස පැත්ත මහගෙන බඩ යන්න බීපු මිනිහෙක් වගේ' එහෙම කිව්වෙ ප්‍රියන්ත.

‘ උඹලා මේ හැම එකෙක්ම ෂිට් හෝල් කන්ට්‍රීස්වලින් ඇවිල්ලා ලන්ඩන් ගඳ ගස්සන එවුං. කරුණාකරලා මේ රට ගඳ ගස්සන්නෙ නැතුව ආපු ෂිට් හෝල් එකටම පලයල්ලා'

‘ නෑ ... නෑ... අපේ ට්‍රම්ප් තුමා එහෙම ෂිට් හෝල් කන්ට්‍රීස් කියල කිව්වෙ ඔය ඇෆ්රිකන් කාරයින්ට. නැතුව මේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වල අයට නෙමෙයි '

‘දොස්තර මහත්තයො ඔහේ හිතනවද ලංකාව තියෙන්නෙ කොතනද කියලවත් ඔය ට්‍රම්පච්චි දන්නවා කියලා? ' බානු නංගි කතාවට සම්බන්ධ වුනා.

‘ඔය වයිට් සුප්‍රීමිස්ලට ලංකාව ඉන්දියාව පකිස්ථානය ඇෆ්ගනිස්ථානය ඕන එකක් එකයි. උන්ට අපි හැමෝම ෂිට් හෝල් කන්ට්‍රීස් තමයි. ඇමරිකාව මේ තරම් පල්ලෙහාට ගිය කාලයක් හිතා ගන්ඩ බෑ. ට්‍රම්ප් කියන්නෙ ඇමරිකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම හෙනයක්' බානු ට්‍රම්ප් ගැන තමන්ගෙ අප්‍රසන්න කම වචනයට නැගුවා.

‘ට්‍රම්ප් කියන්නෙ දෙවියන් වහන්සේ විසින් ඇමරිකාවට දුන් දඬුවමක්. ලෝකෙ පුරා ඇමරිකාව කරපු බලු වැඩවලට ඇමරිකාවට දෙවියන්ගෙන් හම්බෙච්ච රිටන් එක තමයි ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්. 35% ක් තිබිච්ච ඇමරිකාවෙ කෝපරේෂන් ටැක්ස් එක 21% කට ට්‍රම්ප් බැස්සුවා. ඒක එහෙම කරන්නෙ ඇමරිකාව නැවතත් ග්‍රේට් කරන්න කියල තමයි මිනිහ කට මැත දෙඩෙව්වෙ. ඒ ටැක්ස් කට් එක නිසා ඇමරිකාවෙ ජාතික ණය ට්‍රිලියන 1.4 කින් වාර්ෂිකව වැඩි වෙනවා. එතකොට හිතල බලන්න අවුරුදු 10 ක් යද්දි ඇමරිකාවට අත්වන ඉරණම. ඕවා සිම්පල් එරිත්මැටික්. ටැක්ස් කට් පනත සම්මත වෙච්ච වෙලාවෙ ඇමරිකන් කොංග්‍රස් එකේ සුළුතරයේ ප්‍රධානියා ඩිමොක්‍රටික් එකේ චක් ෂූමර් කිව්වෙ මේ ටැක්ස් කට් එක සම්මතවීම ගැන උත්සව පවත්වන්නෙ ෂැම්පේන් බොන්නෙ තැන් දෙකක පමණයි කියලා. ඒ තැන් දෙක තමයි රිපබ්ලිකන් පක්ෂයේ මූලස්ථානය සහ මෙගා කෝපරේෂන්වල බෝඩ් රූම්. එදා චක් ෂූමර් කියපු එක ගොඩක් ඇමරිකන්ස්ලට තේරුන්නෑ. ඒක තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරවෙලා තියෙයි. ඇමරිකාව ආයිත් ග්‍රේට් කරන්න නම් කරන්ඩ තියෙන හොදම දේ තමයි පුලුවන් ඉක්මනට ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඉම්පීච් කරන එක'

‘තැන්තන් කරන්න තියෙන්නෙ එක දෙයයි'

‘ ඒ මොකක්ද? ' හැමෝම පසන් දිහා බැලුවා.

‘ඩොනල්ඩ් ට්‍රම්ප්ට තේරෙන භාෂාව දන්න ලෝකයේ එකම එකා තමයි උතුරු කොරියාවෙ කිම් ජොං උන්. මේ දෙන්නම වයස ගිය ළදරුවො. ( Over grown babies) ඒක නිසා දිනපතා හෝ සතිපතා කිම් ජොං උන් ලව්වා අර න්‍යෂ්ඨික බොත්තම වගේ ජෝක් දම්මලා ට්‍රම්ප්ට මල පන්නවල නහරයක් පුපුරවන එක' පසන්ගෙ උත්තරයට හැමෝම හිනාවුනා.

‘නෑ මං හිතන්නෙ ෂිට් හෝල් එක ෂට් ඩවුන් වෙච්ච එකෙන්ම ට්‍රම්ප් උන්නැහේ කෙලවගනීවි '

‘ඔය මොහොකින් හරි කමක් නෑ ට්‍රම්ප් වයිට් හවුස්වලින් නොගියොත් තුන්වන ලෝක යුද්ධය කියන එක අපිට හෙට අනිද්දම දැක ගන්න පුළුවන් වෙයි ' එහෙම කිව්වෙ බාර් මෑන්.

ඒ වගත් එසේමයි
ලන්ඩන් පබ් එකේ සිට සයිබර් අවකාශයට වාර්තා කළේ
බාර් මෑන් විසිනි.
පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා එක්වන්න
barman@london-pub.net

පෙර පුවත්

ලන්ඩන් පබ් 16

 

 

 

 

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29604,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ෂිට් හෝල් එක ෂට් ඩවුන්' වෙලා !
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ෂිට් හෝල් එක ෂට් ඩවුන්' වෙලා !
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/34079ae9d5d141cf60e15ad2cd11744d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_171.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_171.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy