එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශවයන් කිහිපයක් විසින් පලකර ඇති අදහස් පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා...
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශවයන් කිහිපයක් විසින් පලකර ඇති අදහස් පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතාගේ අවධානය යොමු වී ඇතැයි කථානායක කාර්යාලය පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (30) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා විශේෂයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ද ඇරයුම් කර ඇතැයි කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
COMMENTS