දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝගම්බර බන්ධනාගාරය සංචාරක මධ්‍යස්ථානයක් කරනවා - රනිල්
Homeදේශපාලන

බෝගම්බර බන්ධනාගාරය සංචාරක මධ්‍යස්ථානයක් කරනවා - රනිල්

PropellerAds

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා ගරු කරමින් උන්වහන්සේලාගේ පූර්ණ අනුමැතිය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ...

‘සිරස’සුමන්තිරන්ගේ කලිසම ඔළුවෙන් ගලවයි..[Video]
"මුහුද දන්නැති අමරවීර වගේ මිනිස්සු ඇමැතිලා වෙලා ධීවර කර්මාන්තය කෑවා."
11 හැවිරිදි දරුවා බැනරයක් අන්දවා ගන්නැයි කියා පාසලට ගෙන්වා අතවර කළ 56 හැවිරිදි විදුහල්පති හිරේ.
බෝගම්බර බන්ධනාගාරය සංචාරක මධ්‍යස්ථානයක් කරනවා - රනිල්

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා ගරු කරමින් උන්වහන්සේලාගේ පූර්ණ අනුමැතිය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ දියත් කරන බව මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අගමැතිවරයා ඊයේ (18) මාධ්‍යය හමුවේ මේබව කීවේය.

මෙරට යටත් විජිතයක්ව පැවැති සමයේ ඉංග්‍රීසි පාලකයින් විසින් ඉදි කරන ලද බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පල්ලේකැලේ ප්‍රදේශයට ගෙන යෑමෙන් පසු එහි ගොඩනැගිලි හිස් විය.

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය අදියර තුනක් යටතේ සංවර්ධනය කිරීමට නියමිත අතර ජනතාවට විවේකීව ගත කිරීමට සුදුසු උද්‍යානයක් ලෙස එය රුපියල් ලක්ෂ 4000 ක වියදමින් පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර සෙසු අදියර ජපන් රජයේ සහය මත ක්‍රියාක්මක කිරීමට සැලසුම් කර ඇත.


මහනුවර නගරය ගන්නෝරුව සිට දිගන දක්වා දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කෙරෙන බවත් මෙම සංවර්ධන ව්‍යාපෘති සියල්ල එකි නෙකට බද්ධ වනසේ සිදු කිරීමට සැළසුම් කර තිබෙන බවත් මෙහිදී අගමැතිවරයා කීය.

උඩරට පාරම්පරික කලා නිර්මාණ ඉස්මතු කර දැක්වෙන කලාගාර,ආපනා ශාලා,හෝටල් කාමර ඇතුළු අංග රැසක් සඳහා මෙම භූමියේ ඉඩකඩ වෙන් කෙරෙන බවත් මෙමඟින් ඍජුව හා වක්‍රව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමත් සමඟ මෙම සංවර්ධන ව්‍යාපෘතිද ඒකාබද්ධ වීමෙන් මහනුවර සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බවත් මහනුවරට පැමිණෙන සංචාරකයින් දින කිහිපයක් නගරයේ රඳවා තබා ගැනීම මගින් නගරයට තවත් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.

මෙම ව්‍යාපෘති සඳහා මූල්‍යධාර මෙන්ම තාක්ෂණික ආධාරද වැදගත් බවත් මෙහි මූලික සැලසුම් ජපානය මගින් සිදුකරන බවත් කී ඒ මහතා මහනුවර ගෘහ නිර්මාණ සැලසුම්වලට ගරු කරමින් අදාළ ව්‍යාපෘති දියත් කරන බවද අවධාණය කළේය.

මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යය මලික් සමරවික්‍රම,උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල,අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති අකිල් විරාජ් කාරියවසම්,නාගරික පුණර්ජීව ව්‍යාපෘති උපදේශක තුෂාර ස්වර්ණතිලක යන මහත්වරු ඇතුළු රාජ්‍යය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

නදීක දයා බණ්ඩාර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝගම්බර බන්ධනාගාරය සංචාරක මධ්‍යස්ථානයක් කරනවා - රනිල්
බෝගම්බර බන්ධනාගාරය සංචාරක මධ්‍යස්ථානයක් කරනවා - රනිල්
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/6138c00e9c6d6cd437e77b7ef518d21d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_132.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_132.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy