පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම පීඨයේම සිසුන් 09 දෙනෙකු මෙම මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ ඔවුන් ඊයේ (23) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පසුගිය 15 වනදා එම විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට එයට පක්ෂපාතී සිසුන් පිරිසක් සිදු කළ පහර දීමක් හේතුවෙන් මෙම ගැටුම සිදු වූ බව පේරාදෙණිය පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් දෙදෙනා ප්‍රතිකාර ලබා පේරාදෙණිය රෝහලෙන් පිටව ගොස් ඇත.
COMMENTS