දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්.
Homeගොසිප්

වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්.

PropellerAds

රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක...

තාත්ත දැන් මැරිල ඉවරයි වෙන කතා වැඩක් නෑ -වෙඩිසිංහගේ ජපානේ සිට ආ පුතා කියයි
ආච්චි උස්සාගෙන ෆොටෝ ගහපු අය ආයෙත් දකින්න ලැබෙන්නේ ඊළඟ ගංවතුරට - සුජීව සේනසිංහ
නාමල් පස් නාගෙන විපතට පත්වූ අයට කටුවනදී ගෙවල් හදයි

රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, එම්.ඒ. හසන් මහතා නිකුත්කළ මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ දීය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙසිනි.

පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා විය.

1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය.

94 සිට ඍණ අගයක් !

එහෙත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතිණි.

2017 වසරේ ගෙවී ගිය මාස දහයක කාලය අවසානයේ රාජ්‍ය ප්‍රාථමික මූල්‍ය ශේෂය රුපියල් බිලියන 21.9ක් ලෙස දැක්වෙයි.

2016 වසරේ මුල් මාස දහය අවසානයේ එම අගය දැක් වූයේ රුපියල් බිලියන 37ක ඍණ අගයක් ලෙස ය.

රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක්:

ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා වීම රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක් වන අතර මෙය ණය ගෙවීමේ කළමනාකරණ හැකියාව මෙමගින් තවත් ඉහළ යනු ඇත.

2017 වසරේ අවසානයේ සමස්ත ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තය තවදුරටත් සාධනීය මට්ටමක පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

පොලී ගෙවීම් හැර සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ ඇති අතිරික්තය ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තයක් ලෙස සැලකේ.

2016 වසරට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායම 10.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 1473 දක්වා ඉහළ ගොස් තිබේ.

2016 එම කාල වකාවනුව තුළ එම ආදායම වූයේ රුපියල් බිලියන 1333කි. එසේ ම එම මාස දහයක කාලය තුළ රටේ බදු ආදායම ද රුපියල් බිලියන 1332 සිට1470 දක්වා 14.2%කින් වර්ධනය වී ඇත.

පසුගිය වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළට :

2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය වියදම පසුගිය වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළ ගොස් තිබේ. 2016 වසරේ මුල් මාස දහය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 1881ක් වූ අතර 2017 වසරේ එම කාලය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2060කි.

පොලී ගෙවීම රුපියල් බිලියන 510 සිට 608 දක්වා 19.3% ඉහළ ගොස් ඇත. මීට අමතරව රාජ්‍ය සේවා වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වන වියදම් ද පිළිවෙළින් 3.1%කින් සහ 5.8%කින් ඉහළ ගොස් තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29386,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්.
වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්.
http://ift.tt/2Ee5YpF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/63_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/63_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy