මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතා මඟින් අයතා ලෙස උපයා ගන්නා ලද මුදල් හා එමෙන් දෙගුණයක් වූ දඩ මුදල් ප්‍රමාණයක්ද අධිකරණය විසින් සුදුසු යැයි හඟින...
මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතා මඟින් අයතා ලෙස උපයා ගන්නා ලද මුදල් හා එමෙන් දෙගුණයක් වූ දඩ මුදල් ප්‍රමාණයක්ද අධිකරණය විසින් සුදුසු යැයි හඟින වෙනත් ඕනෑම වන්දි මුදල් ප්‍රමාණයක්ද ඊට වගකිව යුතු අර්ජුන් ඇලෝසියස් ඇතුළු පුද්ගලයන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නා ලෙස සිය වාර්තාව මඟින් මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම නිර්දේශ කොට ඇත.
අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ අනුග්‍රහය මත ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරන සීමා සහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් සිදුකරන ලද මෙම බැඳුම්කර වංචා හේතුවෙන් රජයට අහිමි වූ බවට අනාවරණය වී ඇති රුපියල් කෝටි 922කට අධික (රුපියල් 9,218,726,595 යි ශත 61ක්) මුදල හා එමෙන් දෙගුණයක් වූ දඩ මුදලක්ද ඊට අමතරව අධිකරණය සුදුසු යැයි හඟින ඕනෑම වන්දි මුදලක්ද ඔවුන්ගෙන් අය කර ගැනීමට සුදුසු බව මෙම වාර්තාව මඟින් නිර්දේශ කොට ඇත. මෙම රුපියල් කෝටි 922කට ආසන්න මුදල ගණනය කොට ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල හා අනෙකුත් සංස්ථාපිත ආයතන හා රාජ්‍ය බැංකු යනාදියට සිදුකරන ලද අලාභය වශයෙන් රුපියල් කෝටි 852,99,64,495යි ශත 61ක්ද රජයට මඟහරවා ගත හැකිව තිබූ අලාභය වශයෙන් රුපියල් කෝටි 68, 87, 62, 100 ක්ද වශයෙනි.
අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහබැංකු අධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් බැඳුම්කර වෙන්දේසිවල අදාළ රහස්‍ය තොරතුරු ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට ලබාදීම තුළින් සිදුකරන ලද බරපතළ මූල්‍ය වංචාවන්ට හා දූෂණයන්ට අමතර ඔහුගේ අනුදැනුම හා පූර්ණ අනුග්‍රහය ඇති ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්ථාපිතව තිබූ සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ආයතනවලටත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලටත් සිදුකරන ලද බරපතළ අලාභය ගැනද කොමිෂන් වාර්තාව සවිස්තරව පෙන්වා දී ඇත.
තවද මෙම බැඳුම්කර වංචා සඳහා මහ බැංකුවේම නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි නමැත්තාද, මහ බැංකුව තුළ සේවක අර්ථ සාධක අරමුදලේ අලෙවි නිලධාරි ලෙස කටයුතු කළ නිලධාරියාද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන හා එම සමාගමේ තාක්ෂණ නිලධාරි සචින් දේවතන්ත්‍රිද පර්පචුවල් සමාගම් සමූහයේ ජෙෆ්රි ඇලෝසියස් යන අයද වගකිව යුතු බවද වාර්තාවෙහි සඳහන්ව ඇත.
තවද රවි කරුණානායක විසින් කොමිසම නොමඟ යැවීම සඳහා බොරු සාක්ෂි දී ඇති බවද වාර්තාවේ දක්වා ඇත.
ඒ අනුව රවි කරුණානායකට එරෙහිව කොමිෂන් සභා ආඥා පනතේ 9 වැනි ඡේදයේ ප්‍රකාරවද, ඊට අමතරව ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 179 හා 188 ඡේද ප්‍රකාරවද නඩු පැවරීමටද නිර්දේශ කොට ඇත.
තවද පර්පචුවල් සමාගමටත් ඇලෝසියස්ට හා පලිසේනටත් රාජ්‍ය සුරැකුම් පත් ආඥාපනතේ 56 ඒ (1), 56 (ඕ) යටතේත්, අල්ලස් පනතේ 70 වැනි ඡේදය යටතේද නඩු පැවැරීමටද එහි නිර්දේශ වී ඇත.
තවද ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය තොරතුරු සිය බෑනාට ලබාදීමෙන් සිදුකර ඇති විෂමාචාරය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පනතේ 70 වැනි ඡේදය යටතේ අර්ජුන මහේන්ද්‍රන්ට දූෂණ චෝදනා මත නඩු දැමීමට පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමටත් ඊට අදාළ අනෙකුත් බලධාරීන්ටත් කොමිසම නිර්දේශ කොට ඇත.
COMMENTS