දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජාතික වෙඩි තැබීමේ සංගමයේත් මූල්‍ය මගඩියක් - පතරොම් විකුණා ඇත්තේ කාටදැයි සංගමයත් සොයයි (1 කොටස)

පළමු ගණුදෙනුව    පතරොම් මිලදී ගැනීම ශ්‍රී ලංකා යුධ හමුදාවෙන්  සිදු කර  ඇති අතර යුධ හමුදාවෙන් ජාතික වෙඩි තැබීමේ සංගමය පතරොම් ලබා ගත් බවට...

ජාතික වෙඩි තැබීමේ සංගමයේත් මූල්‍ය මගඩියක් - පතරොම් විකුණා ඇත්තේ කාටදැයි සංගමයත් සොයයි (1 කොටස)
පළමු ගණුදෙනුව 
 
පතරොම් මිලදී ගැනීම ශ්‍රී ලංකා යුධ හමුදාවෙන්  සිදු කර  ඇති අතර යුධ හමුදාවෙන් ජාතික වෙඩි තැබීමේ සංගමය පතරොම් ලබා ගත් බවට තොරතුරු  කමිටු වාර්තා වලද සඳහන්ව ඇත. එහෙයින් මිලදී ගැනීමක් සිදු නොවූ බවට කිසිවෙකුට හෝ ප්‍රකාශ කිරීමේ හැකියාවක්ද නැත. දිගින් දිගටම ශිරන්ත පීරිස් මහතා සිය වගකීම පැහැරහැරිම නිසා එවකට සංගමයේ ලේකම් ව සිටි ඩුෂාන් විජේවික්‍රම මහතා විසින් යුධ හමුදා සුළු අවි සංගමයෙන් එම වාර්තා ඉල්ලා තිබේ. ඒ අනුව ශිරන්ත පීරිස් මහතා විසින් යුධ හමුදාවෙන් පතරොම් 24500ක් මිලදී ගෙන ඇත්තේ එකක් ආසන්න වශයෙන් රු. 24.25ක වැනි මුදලකටය. පතරොම් 24500 මිලදී ගැනීම සඳහා රු 5,94,000.00ක් වැය වී තිබේ. මිලදී ගත්  පතරොම් තොගය පයාගල Clay Target Shooting සංගමය වෙත ගෙන ගොස් ඇති බවටද ජාතික සංගමයේ කමිටු වාර්තා වල සඳහන්ය.
 
 එම මිලදී ගත්  පතරොම් නැවත විකිණීමේදී ශිරන්ත පීරිස් මහතා විසින් එක පතරොමක් රු 50.00 ක මුදලකට විකුණා ඇති අතර ඇතැම් අවස්ථාවල පතරොමක් රු.60.00 ක වැනි මුදලකටද විකුණා ඇත. සාමාන්‍යයෙන් මේවා වෙඩි තැබීමේ ක්‍රීඩා සංගම් වලට හා ක්‍රීඩකයන්ට විකිණිය  යුතු නමුත් ශිරන්ත පීරිස් මහතා විසින් එම පතරොම් කවුරුන් හට විකුණා ඇත්ද යන ප්‍රශ්නයද නිරාකරණය වී නැත. යුධ හමුදාවෙන් රු. 24.25 ක මුදලකට මිලදී ගෙන එය එකක් රු. 50.00 බැගින් නැවත විකිණීමේදී රු 25.75 ක පතරොමකින් ලාභයක් උපයා තිබේ. නිවැරදි පටිපාටියට අනුව නම් එය ජාතික වෙඩි තැබීමේ සංගමයට අයිති මුදලකි. එය ශිරන්ත පීරිස්  මහතාගේ රාජකාරීමය වගකීමකි. එහෙත් එය ලබා දීමට ශිරන්ත පීරිස්  මහතා කටයුතු කර නැත. ඒ අනුව එම පතරොම් 24500 විකිණීමෙන් අවම වශයෙන් ශිරන්ත පීරිස්  මහතා රු. 6,30,875.00ක මුදලක් ජාතික වෙඩි තැබීමේ සංගමයට ලබා දිය යුතු නමුත්  එම මුදලට කුමක් සිදුවූයේද යන්න ශිරන්ත පීරිස් හැර වෙනත් අයෙක් දන්නේද නැත.  
 
දෙවන ගණුදෙනුව 
 
යුධ හමුදාවෙන් පතරොම් මිලදී ගැනීමට අමතරව පතරොම් ආනයනයට හා ඒවාට අවශ්‍ය මුදල් අනුබද්ධ සංගම් වලින් ලබා ගැනීමට ද ජාතික වෙඩි තැබීමේ සංගමය විසින් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව සීමාසහිත ප්‍රරෝකොපිස් G  ගව්රියලිඩේස් සමාගමෙන් Oliympia වර්ගයේ පතරොම් 100000( ලක්ෂයක් ) ආනයනය කිරිමට පියවර ගෙන තිබේ. පතරොම්  ආනයනයේදී ගෙවීමට ඇති බදු මුදලද ඉතා අඩු අගයක් බව පවසා ඇත්තේද ශිරන්ත පීරිස් මහතා විසිනි. අනයනයෙන් අනතුරුව විකුණුම් මිල කමිටුව විසින් තීරණය කරන  බව කියා ඇත්තේද ඔහු විසිනි. එහෙත් ආනයනයෙන් පසු නැවත විකිණීමේදී ඔහු තමන්ට අවශ්‍ය පරිදි අත්තනෝමතිකව එම කාර්ය කර තිබේ. එම පතරොම් ලක්ෂයට බදු සහ වෙනත් ගාස්තු ගෙවීමෙන් අනතුරුව එක පතරොමක මිල සටහන්ව ඇත්තේ රු 35.00ක් පමණය. පතරොම් මෙරටදී නැවත විකිණීමේදී පතරොමක මිල රු.50.00 ක් වී තිබේ. ඒ අනුව පතරොමකින් රු 15.00ක ලාභයක් ජාතික වෙඩි තැබීමේ සංගමයට හිමිවිය යුතුය.  ඒ අනුව පතරොම් ලක්ෂය වෙනුවෙන් රු ලක්ෂ 15ක මුදලක් ලාභය ලෙස ජාතික වෙඩි තැබීමේ සංගමයට ලැබීය  යුතුය.  එහෙත් එම මුදල් ජාතික වෙඩි තැබීමේ සංගමයට ලැබී නැති අතර එයට කුමක් සිදු වුයේද යන්න හෝ ශිරන්ත පීරිස්  මහතා සිය මව් සංගමයට දැනුම් දී නැත.  අවම වශයෙන් එම පතරොම් විකුණා ඇත්තේ කාටදැයි යන්න පිළිබඳවත් මව් සංගමය අදටත් නොදන්නා කාරණයකි. 
 
මෙහි සැක සහිත තවත් කාරණයක් වන්නේ ආනයනය කරන ලද පතරොම් ගබඩා කිරීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුරට යැවිය යුතු වුවත් ඒවා ගබඩා කර ඇත්තේ ශිරන්ත ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගබඩාවකය. මෙම කාරණය දැන ගැනීමෙන් පසු එවකට ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපතිව සිටි රියර් අද්මිරාල් ශේමල් ප්‍රනාන්දු මහතා ශිරන්ත පීරිස් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ එම පතරොම් වහාම වැලිසර නාවික හමුදා කඳවුරට ගෙනවිත් භාර කරන ලෙසය. ඊට ප්‍රතිචාරයක් වශයෙන් ශිරන්ත පීරිස්  මහතා පතරොම් වලින් කොටසක් වැලිසර නාවික හමුදා කඳවුරට ගෙනවිත් දී ඇත. කෙසේ වෙතත් මෙම පතරොම් වලට කුමක් සිදුවූයේද යන්න පිළිබඳව වාර්තා සපයන ලෙස ශිරන්ත පීරිස් වෙත ජාතික සංගමය දැනුම් දීම් කළද  ඔහු සුපුරුදු ලෙස සිය වගකීම් පැහැර හරිමින් කටයුතු කර ඇති බවයි වාර්තා වල සඳහන් වන්නේ. 
 
තෙවන ගණුදෙනුව 
 
උක්ත මිලදී ගැනීමට අමතරව තවත් සැපයුම්කරුවන් දෙදෙනෙකුගෙන් මිල ගණන් කැඳවන ලෙස ඩුෂාන් විජේවික්‍රම මහතා පවසා තිබුණද ශිරන්ත පීරිස් මහතා පවසා ඇත්තේ තවත් එක් සපයුම්කරුවෙකුගෙන් මිල ගණන් කැඳවීම ප්‍රමාණවත් බවයි. එම රැස්වීමට සහභාගී වී සිටි ගුවන් හමුදා නිලධාරී ගෘප් කපිතාන් වරුණ ගුණවර්ධන මහතා ද ප්‍රකාශ කර ඇත්තේ සැපයුම්කරුවන් තුන්දෙනාගෙන්ම මිල ගණන් කැඳවීම අවශ්‍ය බවයි. කෙසේවෙතත් 2014 වසරේ ජුනි 02 වැනි දින G & L Calibers සමාගමෙන් ඉදිරිපත් කර ඇති Pro - Forma invoice යට අනුව යූරෝ 18,200.00ක මුදලකට පතරොම් 100000( ලක්ෂයක් ) ජාතික වෙඩි තැබීමේ සංගමයට ගෙන්වා ඇත. පතරොම් 100000යේ මිල රු.4,25,000.00ක් වී ඇති අතර එය පෙර  අවස්ථාවේ ලාභයටත් වඩා වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ මිල ගණන් සාපේක්ෂව අඩු වීම නිසාය. පෙර අවස්ථාවේ එකක ලාභය රු 15.00ට  සාපේක්ෂව මෙවර එය රු 19.25 වී තිබේ. ඒ අනුව පතරොම් 100000න් එකකින් රු 19.25 බැගින් රු. 19,25000.00 ක මුදලක් ලාභය ලෙස ජාතික වෙඩි තැබීමේ සංගමයට හිමි විය යුතු වුවත් එම මුදල්ද ශිරන්ත පීරිස් අයථා  ලෙස අත්පත්කර ගෙන ඇති බවට චෝදනාව නැවත වරක් නැගෙයි. එම අවස්ථාවේදීද කිසිදු වැය  වාර්තාවක් ලබා නොදීම නිසා  එම පතරොම් කවුරුන් අතට පත්වුයේද යන්න පිළිබඳ ජාතික වෙඩි තැබීමේ සංගමය නොදන්නා කාරණයකි.
 
ශිරන්ත පීරිස්  මහතාගේ මූල්‍ය අක්‍රමිකතා මෙතෙකින් නිමා වී නැත. තවදුරටත් ඔහු වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ පිළිබදවද අපි ඔබට කරුණු අනාවරණ කරන්නෙමු. 
 
ඒ අනුව  ශිරන්ත පීරිස් මහතා පතරොම් ගෙන්වා නැවත ඒවා විකිණීමේදී නියමිත පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම නිසා විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීම මෙන්ම අදාළ වාර්තා ලබා නොදීම නිසා එම පතරොම් සැබෑ ලෙසම ක්‍රීඩකයන් අතට පත්වූයේද යන්න පිළිබඳව ඇත්තේ බරපතල සැකයකි.  තව දුරටත් ඔහුට මුදල් අක්‍රමිකතා සම්බන්ධ චෝදනා එල්ල වී ඇති අතර ඒවාට අදාළව සාක්ෂිද ජාතික වෙඩි තැබීමේ සංගමයේ ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් ලබා දී තිබේ. 
 
මෙය මූල්‍ය වංචාවක් මෙන්ම ජාතික ආරක්ෂාවද අභියෝගයට ලක්ව ඇති කාරණයකි. එහෙයින් මූල්‍ය වංචාව පිළිබඳව මෙන්ම එම පතරොම් විකුණා ඇත්තේ කුමන පාර්ශව වෙතද යන්න පිළිබඳවත් අනාවරණ කර ගත යුතු කාරණකි.
 
ආශිකා බ්‍රාහ්මණ
 
wedi thabim 001
wedi thabim 002
wedi thabim 003
wedi thabim 004
wedi thabim 005

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29604,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික වෙඩි තැබීමේ සංගමයේත් මූල්‍ය මගඩියක් - පතරොම් විකුණා ඇත්තේ කාටදැයි සංගමයත් සොයයි (1 කොටස)
ජාතික වෙඩි තැබීමේ සංගමයේත් මූල්‍ය මගඩියක් - පතරොම් විකුණා ඇත්තේ කාටදැයි සංගමයත් සොයයි (1 කොටස)
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/0829b7005983d3c11f25c70e1acb824b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy