ජනමාධ්‍යයට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් වර්තමාන පාලනය යටතේ යුක්තිය ඉටු කෙරෙන බවට අගමැති වරයා ප්‍රමුඛ රජයේ ඉහළම ඇමැතිවරුන් පුන පුනා සහතික වූ එ...
ජනමාධ්‍යයට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් වර්තමාන පාලනය යටතේ යුක්තිය ඉටු කෙරෙන බවට අගමැති වරයා ප්‍රමුඛ රජයේ ඉහළම ඇමැතිවරුන් පුන පුනා සහතික වූ එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් පැවති ජගත් සමුලුවකදී උතුරේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයකට එල්ලවූ තවමත් විසඳා නැති ප්‍රහාර මාලාවක ලැයිස්තුවක් දෙවැනි වතාවටත් රජය අතට පත්කර තිබේ.
යාපනයේ සිට පලකෙරෙන උදයන් පුවත්පතට 2006 සිට එල්ලවූ ප්‍රහාර 35ක ලැයිස්තුවක් විධායක කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද් විසින් අමාත්‍ය සාගල රත්නායක වෙත බාරදෙන ලද්දේ එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපන අරමුදලේ (UNICEF) මෙහෙයැවීමෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ජාත්‍යන්තර නියෝජිත සහභාගිත්වයෙන් පැවති සමුළුවකදීය.
එම ලැයිස්තුව 2016 දී මුල්වරට බාරගත් අගමැතිවරයා පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බව එදා කියා සිටියාක් සේම අදද (දෙසැම්බර් 4) නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුව අමතා කියා සිටියේ වහාම පරීක්ෂණ පවත්වන ලෙස තමන් පොලිස්පතිවරයාට නියෝග කළ බවයි.
ජාත්‍යන්තර වේදිකාවේ රංගනයක්
“වරදකරුවන්ට එරෙහිව නිශ්චිත පියවරක් ගන්නා තුරු ආණ්ඩුව ජාත්‍යන්තර වේදිකාවේ මේ කරන්නේ රඟපෑමක් විතරයි කියා අපට සිතන්නට වෙනවා,” යි උදයන් විධායක කර්තෘ ප්‍රේමානන්ද් ගගන හා දුරකතනයෙන් කියා සිටියේය.
අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පවතින උදාසීන භාවය මෙන්ම ජාත්‍යන්තර බලවතුන්ගේ ප්‍රකාශද පොරොන්දු පමණක් වීම ගැන ඔහු කතා කළේ මහත් කලකිරීමෙන් යුතුවය.
උදයන් පුවත්පත් ආයතනයට සිදුවී ඇති විනාශය සියැසින් දැක බලා ගැනීම සඳහා 2015 නොවැම්බරයේ දී යාපනයට ගිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත සමන්තා පවර් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා රජයට බලපෑම් කිරීමට දුන් පොරොන්දුවද අද වන තුරු ඉටුවී නැති බව දේවනායගම් ප්‍රේමානන්ද් සිහිපත් කළේය.
තම ආයතනය මාධ්‍ය කම්කරුවන් දෙදෙනකු ඝාතනය කරමින් 2006 මැයි මාසයේ උදයන් කාර්යාලට කඩා වැදී වෙඩි තබා බෝම්බ ගැසීම සම්බන්ධයෙන් හය දෙනකු අත් අඩංගුවට ගත් බවට පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර යුනෙස්කෝ සමුළුව හමුවේ කළ ප්‍රකාශයක් අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේවනායගම් ප්‍රේමානන්ද් පවසා ඇත්තේ එවැනි තොරතුරක් තමන්ට දැනගන්නට ලැබුනේ මුල්ම වතාවට බවයි.
එම ප්‍රහාරය සියැසින් දුටු දෙදෙනකු පොලිස්පතිවරයා හමුවේ ඒ සම්බන්ධ තොරතුරු හෙළි කර ඇතත් ප්‍රතිපල ලැබී නැති බව ප්‍රේමානන්ද් පවසයි.
මාධ්‍ය නිදහස රැකීම වෙනුවෙන් ගෙන ඇති පියවර ලෙසින් රජයේ බලධාරීන් ජාත්‍යන්තර සභාවල දී ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරගැනීමට තමන් ලබා දුන් ලැයිස්තුව උපකාරී වනු ඇති බවට උදයන් විධායක කර්තෘවරයා විශ්වාසය පළකරයි.
අපරාධ මාලාවක් සම්බන්ධයෙන් තමන් වෙත වසරක් තිස්සේ ඇති තොරතුරු විභාග කොට චූදිතයන්ට එරෙහිව පියවර නොගැනීම පිළිබඳව සමුළුවේදී හේතු නොදැක්වූ අගමැතිවරයා උදයන් පුවත්පතට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවට ජනමාධ්‍යවේදීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
රාජ්‍ය මාධ්‍ය දෙකක සභාපතිවරුන් සහ පෞද්ගලික මාධ්‍යයක කර්තෘවරයකු පමණක් සමුළුවට සහභාගි වී සිටිතැයි ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ එය මාධ්‍ය මර්දනයට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීම සම්බන්ධයෙන් දක්වන මන්දෝත්සාහී භාවයක් ලෙසින් හුවා දැක්වීය.
“ලසන්ත වික්‍රමතුංග, ප්‍රදිප් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, උදයන් පුවත් පතේ මාධ්‍යවේදීන්ට පහරදීම්, ජීවිත නැති කිරීම් කළාට ඒ පිළිබඳව තමන්ට කිසිම ළැදියාවක් නැති බව, උනන්දුවක් නැති බව මෙම මාධ්‍ය පිරිස නොකියා කියනවා,” යි අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
මාධ්‍ය කරඬුව ගෙනගිය ඇතා
“මේ කියන්නේ මාධ්‍ය නිදහස අවශ්‍ය නැති බව ද? රාජපක්‍ෂ රෙජිමය නැවතත් අවශ්‍ය බවද? ආණ්ඩුව නැති කර දමා හෝ නැවත රාජපක්‍ෂ රෙජිමය ගෙනැවිත් අප නැවතත් මාධ්‍යවේදීන් මරාදමන්නට ඉඩදෙමු කියන කාරණය ද?”
වනගත දළ ඇතුන් මරාදැමීමට එරෙහිව දක්වන විරෝධය සිය වෘත්තීය සගයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නොදක්වන බවට ද අගමැතිවරයා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ටත්, මාධ්‍ය ආයතනවලටත් චෝදනා කළේය.
“අද ගල්ගමුවේ ඇතාගේ ප්‍රශ්නය පිළිබඳව, දළ පිළිබඳව කතා කරනවා. එය ඉතා හොඳයි. ඒ පිළිබඳවත් අප ක්‍රියා කරනවා. නමුත් මාධ්‍යයේ කරඬුව ගෙන ගිය ඇතා මරා දැමූ පසු මේ අය කතා කළේ මොනවාද?” යි ඔහු ප්‍රශ්න කළේය.
“මේ තත්ත්වය බලපාන්නේ මට නොවෙයි. මාධ්‍යවේදීන් සියලූම දෙනාටයි. මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමට අප උනන්දු වෙනවා. නමුත් ඔබ වැඩකරන සමාගම එලෙස උනන්දු වෙනවා ද? එදත් ඔවුන් නිශ්ශබ්දව සිටියා. රාජපක්‍ෂ රෙජිමය සමග හවුල් වී බිස්නස් කළා.”
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් ද දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය වූ සමුළුවේ ප්‍රධාන දේශන පැවැත්වූහ.

ප්‍රහාරයට ලක්වූ උදයන් කර්තෘ වී කානමයිල්නාදන් සමග යාපනයේදී |

COMMENTS