මැතිවරණය කටයුතු සඳහා භාණ්ඩ බෙදා හැරීම් සිදු කෙරෙන අතර එවැනි දේ මැතිවරණ කොමසාරිස්වරයාට නොපෙනෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිව...
මැතිවරණය කටයුතු සඳහා භාණ්ඩ බෙදා හැරීම් සිදු කෙරෙන අතර එවැනි දේ මැතිවරණ කොමසාරිස්වරයාට නොපෙනෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට චෝදනා කරයි.
ඒ මාතර දිස්ත්‍රික්කයේ ආබාධිත රණවිරු සංවිධායක නායකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනපති හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“කියන්න බැහැ. ඒකෙ ලක්ෂණ පේනවා. මොකද එච්චරට ඉල්ලුමක් තියෙනවා. තරඟ කරන්න තියෙන ඉල්ලුම බැලුවම අපිට ප්‍රශ්නයක් තෝර ගන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි ඒක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. අනික් දිස්ත්‍රික්ක වලත් අපිට පැමිණිලි ලැබෙනවා. සිමෙන්ති කොට්ට බෙදනවා, සල්ලි බෙදනවා, මැෂින් බෙදනවා. මේක මැතිවරණ කොමසාරිස්ට පේන්නේ නැහැ. දැන් මම එතුමාට කිව්වා මේ රූපවාහිනීයේ අපි දැක්කා මෙහෙම එකක් ඔබතුමා දැක්කේ නැද්ද? දැක්කේ නැතෙයි කිව්වා. මන් කිව්වා බලන්නයි කියලා. එයාට ඇස් පේනවා. ප්‍රශ්නේ තමා ආණ්ඩුවේ ඒවා පේනවා අඩුයි මන් හිතන්නේ. අපි කරන කාලේ තමයි පෙනුණේ.”
COMMENTS