මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්...
මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මීට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනටමත් පියවර ගෙන ඇති බවය. මීට අමතරව විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉල්ලීමක් කළහොත් ඒ ගැන ක්‍රියා කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
- රංජිත් නිශාන්ත
COMMENTS