දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිට අනුව එක : රට පුරා සංචාරකයන්ට කරදර.
Homeගොසිප්

ඇමතිට අනුව එක : රට පුරා සංචාරකයන්ට කරදර.

PropellerAds

මෙරට පැමිණෙන විදේශික සංචාරකයන්ට මෙරට දී විවිධ හිරි හැර වලට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුධයට පත් වීමේ අවධ...

14 හැවිරිදි පාසල් දැරියට පෙම්හසුන් ලියු 43 හැවිරිදි දෙදරු පියා
මෙහෙකාරිය විවාහ කරගත් ධනවතාට ඇය නිසාම අත්වුණු ඉරණම
අපේ රටේ යාචකයින් ලබන ආදායම් හෙළිවී සියලු දෙනා පුදුම වෙයි

මෙරට පැමිණෙන විදේශික සංචාරකයන්ට මෙරට දී විවිධ හිරි හැර වලට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුධයට පත් වීමේ අවධානමක් මතුවෙමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙයි.

විශේෂයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සහ තැරව්කරුවන්ගෙන් වන හිරි හැර මින් ප්‍රමුඛ ස්ථානයක් ගනී.

මේ සම්බන්ධයෙන් Info Sri Lanka News කල සොයා බැලීමක දී මහා නුවර දුම්රිය ස්ථානයේ දී සංචාරකයන්ට හිරි හැර වන ලෙස හැසිරෙන ත්‍රිරෝද රථ රියදුරන් නිරීක්ෂණය කිරීමට හැකි විය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් Info Sri Lanka News කල විමසීමක දී නීතිය හා සාමය අමාත්‍යංශයේ නිලධාරියෙක් අප වෙත හෙළිකර සිටියේ කොළඹ කොටුව දුම්රිය පළ ඇතුළු සංචාරකයන් ගැවසෙන ස්ථානයන්හි ඔවුන්ට බාධා වන ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සංචාරක පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බවයි.

පොලිස් ඇමතිගේ ප්‍රකාශය

මේ අතර 2017 අයවැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේ දී ඊයේ ( 26 ) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකශ කලේ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේද කීය.

“ සංචාරක ව්‍යාපාරය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. සංචාරකයෙන් සංචාරයක් කරන්න රටක් තෝර ගද්දි ඒ රටේ දි සංචාරකයන්ට තියෙන ආරක්ෂෘව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ අනුව තමයි මොක රටේද සංචාරය කරන්නේ කියලා තීරණය කරන්නේ. සංචාරකයන්ට දෙන ආරක්ෂාව පිළිබඳ ඉහළ තක්සේරුවක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ආරක්ෂාව අපි තවත් තහවුරු කරන්න ඕන. විශේෂයෙනම සංචාරකයින් මෙරටට එන ප්‍රමාණය වර්ධනය කරන්න විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ අපි තවත් මේ පිළිබඳ උනන්දුව දක්වලා තමයි සංචාරක පොලිස් කොට්ටාසය දියුණු කරන්න පටන් ගත්තේ. 2017 වර්ෂයේ අයවැයේ යෝජනාවකට අනුව අපිට රැපියල් මිලියන 50 ක් ලැබිලා තියෙනවා. මේ කරපු ටයුතු වෙනුවෙන් සංචාරක අමාත්‍යතුමාටත්, සංචාරක මණ්ඩලයේ සභාපතිතුමාටත් ස්තූතිවන්න වෙනවා. ඒ වගේම අපි කියන්න කැමතියි සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවරු කරන්න අපි කටයුතු කරනවා.”  යැයි සාගල රත්නායක මහතා කීය.

සංචාරක පොලීසියට තවත් මිලියන 50 ක් - ඇමති ජෝන්

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ කීය.

“ පොලිසිය භාර ඇමතිතුමත්, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිතුමත් අපි සියලුම දෙනා මේ කාර්යයට එකතු වුණා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයෙන් මිලියන 50 ක් දුන්නා මේ වෙනුවෙන්. ඒකත් මදි. මොකද අද වෙනකොට ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේම සංචාරකයෝ ගමන්කරන්නේ. මේ විදිහට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අපේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට මම සලකනවා. ඒ වගේම ලබන අවුරුද්දෙදි අපි තවත් මිලියන 50 ක් සංචාරක පොලීසියට ලබා දෙන්න අපි කටයුතු කරනවා. මොකද මේ කාර්ය ඉතාම වැදගත් කාර්යයක්.”  යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතතා පැවසීය.

එසේම එම අවස්ථාවේ දී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18 ක්, සාමාන්‍ය යතුරු පැදි 02 ක් සහ බීච් රෝවර් රථ 04 ක් ලබා දුනි.එම රථවාහන පොලිස් රථවාහන කොට්ටාසයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළාන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොලවලටත් බෙදා දෙන ලදී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිට අනුව එක : රට පුරා සංචාරකයන්ට කරදර.
ඇමතිට අනුව එක : රට පුරා සංචාරකයන්ට කරදර.
http://ift.tt/2lfxCdZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_757.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_757.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy