එක්සත් ජාතික පක්ෂයෙන් රත්මලාන ආසනයට අලූතින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර නිසා එජාප පාක්ෂිකයන් දැඩි කලකිරීමට...
එක්සත් ජාතික පක්ෂයෙන් රත්මලාන ආසනයට අලූතින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර නිසා එජාප පාක්ෂිකයන් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තාවේ.
බැඳුම්කර චෝදනාව නිසා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රවී කරුණානායක මහතාගේ ඉල්ලීම මත ඇය එහි ආසන සංවිධායක ලෙස පත්කර ඇත.
පළාත් පාලන මැතිවරණය සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව වෙනුවෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු ජනපදනමක් නොැමැතිව මුදල්වලට මුල් තැන දෙමින් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති බවට පාක්ෂිකයෝ චෝදනා කරති.
රත්මලාන පිරිවෙන කොට්ඨාසයට නිදහස් පක්ෂයෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ උප නගරාධිපතිව සිටි කේෂරලාල් ගුණසේකර මහතා ඉදිරිපත්ව සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇත්තේ කිසිදු ජනපදනමක් නොමැති අයෙකු බව වාර්තාවේ.
කදවල කොට්ඨාසයට ද ඉදිරිපත් කර ඇත්තේ ප‍්‍රාඩෝ පෙරහැර කින් ගමන් කරන ධනවත් අයකු බව ප‍්‍රදේශවාසීහු පවසති.
බටහිර කොට්ඨාසයට ඉදිරිපත් කර ඇත්තේ ද මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලබා සිටින රෝස පාටට හුරු අයකු බව සඳහන් වේ.
පසුගිය මහ මැතිවරණයේ දී රත්මලාන ආසනය එක්සත් ජාතික පක්ෂය ජය ලැබූව ද මෙම තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය ජයලැබීම එජාපයට ගැටලූවක් බව පාක්ෂිකයෝ පවසති.
(සත්හඬ)
COMMENTS