දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රනිල්ගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නෑ" - අනුර කුමාරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

"රනිල්ගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නෑ" - අනුර කුමාරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්

PropellerAds

පසුගිය වසර තුන තුළ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්තියට එකඟ නොවන බවට වන පණිවිඩය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන්...

ඉන්දියාවෙන් පැන ආ මව හා දරු දෙදෙනා පුත්තලමෙන් හමුවේ
ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ…
භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉඩම් ආණ්ඩුවේ පෞද්ගලික හිතවතුන්ට පැවරීමේ සූදානමක්

පසුගිය වසර තුන තුළ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්තියට එකඟ නොවන බවට වන පණිවිඩය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“බැඳුම්කර ගණුදෙනුව. මහ බැංකුවේ මෙතෙක් තිබුණ පොලී අනුපාතයකට වඩා වඩා වැඩි අනුපාතයකට බෑනාට බැඳුම්කරය දුන්නා. පර්පෙචුවල් සමාගම පත්තරේ දාලා කිව්වා ඒගොල්ලන්ගේ ලාභය රුපියල් කෝටි 530යි කියලා අවුරුද්දට. කෝටියකට තියෙනවා 1000 කොළ 10,000ක්. 1000 කොළ 500 බන්ඩල් ගැහුවොත් සාමාන්‍යයෙන් 500 කොළ බණ්ඩලයක් ගඩොල් කැටයක් වගේ වෙනවා. කෝටි 530ක් කියලා කියන්නේ ගඩොල් කැට 10,600ක්. ආන් ඒ වගේ ගඩොල් පෝරණු 2ක් වගේ සල්ලි ලාභයි අවුරුද්දට. මොකද මේ ජනතාවට කෝටි 500 කියන එක ඇගට දැනෙන්නේ නැහැ. දැන් පාරේ යනකොට මතක් වෙනවා අර්ජුනගේ ලාභය කියලා ගඩොල් පෝරණුවක් දැකපු හැටියේ. ඒ නිසා කවුරු හරි 2015 ජන්දය දුන්න නම් අලියට හොරකම නතර කරනවා කියලා නතර කළේ නැහැ.”

“ඒ නිසා දැන් දීලා වැඩක් නැහැ. මේ සැරේ එක්සත් ජාතික පක්ෂයට ජන්දයක් දුන්නොත් ගමේ කෙනෙක් ඉන්නේ, මොනවා වුණත් මල ගෙදර ආපු මහත්තයනේ, මුහුණ බලලා ජන්දේ නොදී ඉන්න බැහැ කියලා ජන්දයක් දුන්නොත් මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒ ජන්දෙන් ඒත්තුගන්නනවා බැඳුම්කර හොරකම ජනතාව අනුමත කර ඇත. ඒ නිසා ප්‍රාදේශීය සභාව අරගෙන සමුපකාර බැංකුවටත් වැඩක් දෙන්න ඕනේ. හම්බන්තොට වරාය විකුණපු එක ජනතාව අනුමත කොට ඇත. එහෙනම් කොළඹ වරායේත් නැගෙනහිර ජැටියත් විකුණන්න ඕනේ. ඔන්න ජන්දේ දුන්නොත් වෙන දේ. එක්සත් ජාතික පාක්ෂිකයා පාරේදී බනිනවා ආණ්ඩුවට. එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මන් ඉල්ලා සිටින්නේ තමුන්නාන්සේලා මේ සැරේ පක්ෂේ අත් අරින්න බැරිනම්, පක්ෂෙම ඉන්න ඕනේ නම් මේ සැරේ එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාට පුළුවන් අවුරුදු 3ක් එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය අපි එකඟ නෑ කියන පණිවිඩය ජන්දෙදි දෙන්න පුළුවන්.”යැයිද වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රනිල්ගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නෑ" - අනුර කුමාරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්
"රනිල්ගේ අගමැතිකමට තට්ටු වෙන්නේ නෑ" - අනුර කුමාරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්
http://ift.tt/2C932KZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_525.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_525.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy