අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට සම්බන්ධ සම්මන්ත්‍රණ, පුද්ගලික උපකාරක පංති ඇතුළු සියලු ආකාරයේ උපකාරක කටයුතු අද (06) මධ්‍යම රා...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට සම්බන්ධ සම්මන්ත්‍රණ, පුද්ගලික උපකාරක පංති ඇතුළු සියලු ආකාරයේ උපකාරක කටයුතු අද (06) මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ සාකච්ඡා කිරීම ද තහනම් බවයි.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමඟින් කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන 12 වනදා සිට ආරම්භ වෙයි.
මේ අතර අධ්‍යාපනයේදී විභාග සඳහා පවතින තත්ත්වය ඉදිරියේදී බැහැර කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.
මහනුවර පැවැති උත්සවයකදී ලේකම්වරයා ප්‍රකාශ කළේ පාසල් පාදක ඇගයීම් මත දරුවන් ඉලක්ක වෙත යොමු කරවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි.
COMMENTS