දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසදිය යුතුය. - මහින්ද රාජපක්‍ෂ

2008 ආරම්භක අවධියේදී මෙහි නම “සව්ත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්” විය. මෙම ව්‍යාපාරය ආයෝජන මණ්ඩලයේ මුලින්ම ලියාප...

සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසදිය යුතුය. - මහින්ද රාජපක්‍ෂ

2008 ආරම්භක අවධියේදී මෙහි නම “සව්ත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්” විය. මෙම ව්‍යාපාරය ආයෝජන මණ්ඩලයේ මුලින්ම ලියාපදිංචි වන විට එමගින් තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර කළමණාකරනය,ඉංජිනේරු විද්‍යාව, හෙද පාඨමාලා, සෞඛ්‍ය විද්‍යා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක්පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කර තිබුණද, වෛද්‍ය උපාධි පාඨමාලාවක් ගැන සඳහනක් නොතිබුණේය. ආයෝජන මණ්ඩලය විසින් මේ නව ව්‍යාපාරයට අනුමැතිය ලබාදෙනු ලැබුවේ සෞඛ්‍ය විද්‍යා පාඨමාලා ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාගනු ඇති බවට පූර්ව කොන්දේසියක්ද සහිතවය. මේ ආයතනය විසින් වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කරනු ලැබුවේ 2009 සැප්තැම්බර් මාසයේ සිටය.

ඒ මුල් ආවස්ථාවේ සිටම තමන් සයිටම් ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පුවත්පත් වල ප්‍රසිද්ධ දැන්වීම් පල කිරීම තුළින් ජනතාවට දැනුම්දෙනු ලැබුවේය. 2011 පෙබරවාරි මාසයේදී මේ ආයතනයේ නම “සව්ත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින්” යනුවෙන් වෙනස් විය. යම් කිසි පුද්ගලික ආධ්‍යාපන ආයතනයකට වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් තිබේ නම්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අධීක්‍ෂණය කිරීමේ හා වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ කටයුත්ත භාරව සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අදාල පුද්ගලික ආයතනයේ වගකීම වන්නේය.

සයිටම් ආයතනයේ මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ වූ අවස්ථාවේ සිට එම ආයතනයත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් අතර ලියුම් විශාල ගණනක් හුවමාරු වී තිබුණද මේ වෛද්‍ය උපාධි පාඨමාලාවට අවශ්‍ය අනුමැතිය වෛද්‍ය සභාවෙන් ලැබී නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් වන අතර මගේ ආණ්ඩුව කිසිදාක එම ආයතනයේ වැඩකටයුතු වලට අත පෙවීම් සිදුකලේ නැත.

සයිටම් ආයතනය එහි වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කරන විට වෛද්‍ය උපාධි පාඨමාලාවක් පවත්වාගෙන යාමට පුද්ගලික ආයතනයකට අනුමැතිය ලබා දීම සඳහා ක්‍රමවේදයක් මේ රටේ නොතිබුණේය. අනෙක් අතට යම්කිසි පුද්ගලික ආයතනයක් වෛද්‍ය උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීම තහනම් කිරීමටද නීතිමය ප්‍රතිපාදන නොතිබුණි. 2009 සිටම සයිටම් වෛද්‍ය උපාධිය මේ ආකාරයට නීතිමය වශයෙන් අවිනිශ්චිත තත්වයක පැවතියේය. රටේ නීති පද්ධතියේ හා රෙගුලාසි වල හිඩසක් නිසා ඇතිවූ අවුලක් ලෙස මෙය හැඳින්විය හැක.

ශිෂ්‍ය සංගම් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වෛද්‍ය උපාධි පාඨමාලාවට එරෙහිව අවුරුදු දෙකක් මුලුල්ලේ උද්ඝෝෂණ පැවැත්වූ පසු යහපාලන ආණ්ඩුව සයිටම් වෛද්‍ය උපාධිය අහෝසි කරන බවට ප්‍රකාශ කර සිටියේය. නමුත් මේ ප්‍රතිඥාව ඉටුවන බවක් පෙනෙන්නට නැති බව උද්ඝෝෂණ වලට මුල් වූ පාර්ශව දැන් කියයි. සයිටම් වෛද්‍ය උපාධි පාඨමාලාවට ඇති විරෝධය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් කඩාකප්පල් නොවන බවටද, වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට තල්ලු නොවන ලෙසටද වලබලා ගැනීම ආණ්ඩුවේ යුතුකම වේ.

සයිටම් විරෝධී උද්ඝෝෂණ නිසා 2016 සිට විශ්ව විද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබුණි. 2016 වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන් තවමත් අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති තත්වයක් යටතේ 2017 උසස් පෙළ සමත් වෙන සිසුන්ද වෛද්‍ය පීඨ වලට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටී. දේශන වලට අමතරව සායනික පුහුණුවද තිබෙන නිසා බොහෝ විට එක කණ්ඩායමක් ඉහලට යන්නෙ නැතුව ඊලඟ කණ්ඩායම බඳවා ගැනීමට වෛද්‍ය පීඨ වලට නොහැක.

එපමණක්ද නොව, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්වයට පත්විය හැක. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වාගෙන යන අතර මේ සයිටම් අර්බුදය එම රටවල වෛද්‍ය බලධාරීන්ගේ අවධානයට දැනටමත් පාත්‍ර වී ඇත. එම නිසා මේ ආරවුල අදාල සියලු පාර්ශව වලට සාධාරණයක් ඉටුවෙන පරිදි ඉතා ඉක්මනින් සමතයකට පත්කළ යුතු වේ.

- මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසදිය යුතුය. - මහින්ද රාජපක්‍ෂ
සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසදිය යුතුය. - මහින්ද රාජපක්‍ෂ
http://ift.tt/2l7uXne
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_368.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_368.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy