දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් සම්මානයෙන් පිඳුම් ලබයි.
Homeගොසිප්

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් සම්මානයෙන් පිඳුම් ලබයි.

PropellerAds

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් (Phu Quoc ) හි පැවති ලෝක සංචාරක සම්මාන (World Travel Awards...

සර්වේෂස් බැක්ටු ස්කූල් ගිය සනත් පාසලේදී ගුටි කෑ හැටි කියයි (video)
සිනමාවේ ප්‍රයෝග දාන්න පෙර සහ පසු නිරීක්ෂණය
කුලසේකරගේ රථයට යටවී මියගිය ‘මායා’ ට පරණ බයිසිකලේ තිබුණනං මෙහෙම වෙන් නෑලූ

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් (Phu Quoc ) හි පැවති ලෝක සංචාරක සම්මාන (World Travel Awards) ජාත්‍යන්තර උළෙලේ දී “ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” (“World’s Leading Airline to the Indian Ocean” ) ලෙස සම්මානයෙන් පිඳුම් ලැබීය. ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13 ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි.

මෙම සම්මානය දිනා ගැනීම තුළින් දකුණු ආසියා කලාපයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රබලත්වය තහවුරු වන අතර ගුවන් සමාගම මේ වන විටත් දකුණු ආසියානු කලාපයේ ගමනාන්ත 14 ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 133ක් සිදුකරයි.( බුද්ධගයා සහ වරණාසි වෙත වන්දනා සමයන් හි සිදු කරන ගුවන් ගමන් මෙහෙයුම් ඇතුළුව) ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගරවලටද ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරයි. මාලදිවයින ශ්‍රී ලංකාවේ දිගුකාලීන වෙළඳපොලක් වී ඇති අතර ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් වාර 31 ක් පිරිනමයි. එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් නිවාඩු සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මැදපෙරදිග, යුරෝපය, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් සිදු කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත වෙත ගුවන් මෙහෙයුම් සිදු කළ ප්‍රථම අන්තර්ජාතික ගුවන් සේවය වන අතර ඒ අනුව මාලදිවයිනේ ගමනාන්ත දෙකක් වෙත ද මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සමාගම බවට ද පත්විය.

2017 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගම , ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උළෙලේ දී (WTA Asia Ceremony) ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගුවන් සේවය (“Asia’s Leading Cultural Airline” ) ලෙස සහ එම උළෙලේ දී ම ඉන්දියානු සාගර කලාපයේ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය” (Asia's Leading Airline to the Indian Ocean”) ලෙස ද පසුගියදා පැසසුම් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ලඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජික ගුවන් සේවයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29326,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් සම්මානයෙන් පිඳුම් ලබයි.
ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් සම්මානයෙන් පිඳුම් ලබයි.
http://ift.tt/2C3K47Y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_252.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_252.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy