උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (14) සවස ඒකමතිකව සම්මත වී තිබේ. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය, පළාත් මුදල් හා ක‍්‍රම සම්පා...
උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (14) සවස ඒකමතිකව සම්මත වී තිබේ.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය, පළාත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා විසින් අයවැය පළාත් සභාවට ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබීය.
යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පළාත් සභා අයවැය විවාදය 12 වැනිදා ආරම්භ කොට දින තුනක කාලයක් පැවැත්විණ.
උතුරු පළාත් සභාවේ 05 වන පළාත් සභා අයවැය පළාත් සභාව වෙත ඉදිරිපත් කරමින් විග්නේශ්වරන් මහතා පැවසූවේ එළඹෙන වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 26,754 ක මුදලක් පළාත් සභා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කොට පවතින බවයි.
පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා අයවැය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා පැවසූවේ පළාත් සභා ධූර කාල සීමාවේ අවසන් වර්ෂය වන 2018 වසරේ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් පළාත් සභා නියෝජිතයින් සියලුදෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
COMMENTS