දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාර්තු දොළහ ව්‍යපාරය පිළිබඳ සිහිපත් කිරීමක්
Homeදේශපාලන

මාර්තු දොළහ ව්‍යපාරය පිළිබඳ සිහිපත් කිරීමක්

PropellerAds

ම‍ෙවර පලාත්පාලන ඡන්දයේ නාම යෝජන‍ා ලබා දීම මේවනවිටත් අවසන්ව තිබේ. ප‍ෙර අවස්ථාවල දී ම‍ෙන් නොව ම‍ෙවර මැතිවරණය පැවැත්ව‍ෙන්නේ ද අලුත් ම ක්‍ර‍ම...

මහින්ද රාජපක්ෂව යුරෝපයේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක්.
සුජානිගේ රගර් ගයාන් ගැනත් සැකයක්?
තාජුඩීන් කැනඩාවට : සයිටම් උප කුලපති ඇප ඉල්ලයි.
මාර්තු දොළහ ව්‍යපාරය පිළිබඳ සිහිපත් කිරීමක්

ම‍ෙවර පලාත්පාලන ඡන්දයේ නාම යෝජන‍ා ලබා දීම මේවනවිටත් අවසන්ව තිබේ. ප‍ෙර අවස්ථාවල දී ම‍ෙන් නොව ම‍ෙවර මැතිවරණය පැවැත්ව‍ෙන්නේ ද අලුත් ම ක්‍ර‍මයකට ය. ඒ අනුව සෑම කොට්ඨාසයකින් ම මන්ත්‍රීවරය‍ෙක් තේරී පත්වන නිසා ඔබේ ගමේ හෝ නගරයේ ප්‍ර‍ශ්නය ප්‍රාදේශීය සභාව/නගර සභාව ව‍ෙත ග‍ෙන යාමටත් ඊට නිසි විසඳුම් ලබා දීමටත් අනිවාර්ය වගකීමක් එම නියෝජිත වරය‍ාට පැවරේ.

පුංචි ඡන්දයේදීත් අපේක්ෂකයා අයත් දේෂපාලන පක්ෂය වැදගත් සාදකයක් ද?
පලාත් පාලන මැතිවරණය යනු අපව ප්‍රාදේශීය මට්ටමින් නියෝජනය කිරීමට වඩාත් සුදුසු ම නියෝජිතවරයා නියෝජිතවරිය තෝරා පත් කර ගන්නා මැතිවරණය නිසා ම‍ෙහි දී ජාතික මැතිවරණයක දී තරම් අපේක්ෂකයා අයත් දේෂපාලන පක්ෂය වැදගත් කොට නොසැලකීමට තරම් අප කල්පනාකාරී විය යුතු ය. ම‍ෙහි දී වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතය‍ෙකු වීමට අවශ්‍ය දැනුම සහ ගුණාංග වැඩිය‍ෙන් ම ඇත්තේ කුමන අපේක්ෂකයාට/ අපේක්ෂිකාවට ද යන්න හඳුනා ග‍ෙන ඡන්දය භාවිත කිරීමයි.

හොඳ ම අපේක්ෂකයන් හඳුනා ගැනීම සඳහා නිර්නායක පවතී ද?
2015 මාර්තු 12 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ණ ශාලාවට රැස්වූ ශ්‍රී ලාංකීය සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන්, බුද්ධිමතුන්, ම‍ෙන් ම දේශපාලන පක්ෂ නියෝජිතයන් සුවිශේෂී කටයුත්තකට මුල පුරා තිබුණි. එනම් එළඹ‍ෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී සෑම දේශපාලන පක්ෂයකට ම අනුගමනය කර හැකි නිර්නායකයන් ඇතුළත් පුරවැසි සංවිධාන යෝජනාවලියක් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් කරන සෑම අපේක්ෂකය‍ෙකු ම:

1. අපරාධ වරදක් සඳහා සිරදඬුවමට ලක් වු හෝ අත්හිටවූ සිරදඩුවම් වලට ලක්වූවකු නොවිය යුතුයි.

2. අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවකු නොවු සමාජය පිළිගත්‚චරිතවත් අයෙකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරී විය යුතුයි.

3. මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයෙකු විය යුතුයි.

4. ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.

5. දේශපාලන බලය අනිසි සහ අයුතු ලෙස භාවිතා නොකළ අයෙකු විය යුතුයි.

6. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් සහ මහජන නියෝජිතයෙකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශවකරුවෙකු නොවන්නෙකු විය යුතුය.

7. නාමයෝජනා ලබාදෙන අපේක්ෂකයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු හෝ එම ජනතාව සමඟ සම්බන්ධතා පවත්වන අයෙකු වියයුතුය.

8. නාමයෝජනා ලබා දීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබා දීමට ක්‍රියා කළයුතුයි.

ඒ අනුව ම‍ෙත‍ෙක් කල් ලාංකීය දේෂපාලන ක්ශේෂ්ත්‍ර‍ය වසා පැතිර පැවති නාස්තියට හා දූෂණයට යම් මට්ටමක හෝ නැවතීමේ තිතක් තැබීමට ම‍ෙතුළින් හැකි වේ යැයි සුභවාදී අපේක්ෂා මේත් සමඟ මෝදු වන්නට විය. එහ‍ෙත් එකී බලාපොරොත්තුවල ආයු කාලය මාස 6කට සීමා කරමින් 2015 අගොස්තු 17 වන දින පවත්වන ලද මහ මැතිවරණය‍ෙන් පරාජය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 ද‍ෙන‍ෙකුට යලිත් ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තු වරම් හිමි වූ අතර ක්‍රියාකාරී දේශපාලනයට එක් වීමට අකමැති එහ‍ෙත් පාර්ලිමේන්තුව නියෝජනය හරහා රටට සේවයක් සිදු කළ හැකි විද්වතුන් හා වෘතිකයන් ව‍ෙනුව‍ෙන් ව‍ෙන් කර තිබූ ජාතික ලයිස්තුව පිළිබඳ සංකල්පය මහ දවාළේ අවභාවිත කිරීම මේ අනුව සිදු විය.

එලඹ‍ෙන පලාත්පාලන මැතිවරණයේ දී ඡන්ද දායක අපට කළ හැක්ක‍ෙ කුමක් ද?

පලාත්පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමට ලබා දී තිබූ කාලය මේවන විට අවසන්ව තිබේ. ඒ අනුව දේෂපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩ‍ායම් විසින් තම අපේක්ෂකයා දිනවන ල‍ෙසට කියමින් ගමේ නගරයේ ප්‍ර‍චාරක වැඩපිලිව‍ෙල ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර ඇතුවාට නිසැක ය. අප ම‍ෙහි දී වඩාත් කල්පනාකාරීව අපගේ දේෂපාලන අරමුණු ඉටු කර දීමට වඩාත් සුදුසු ම නියෝජිතයා තෝරා පත් කර ගැනීමට වග බලා ගත යුතු ය. එහි දී ම‍ෙවර සෑම දේෂපාලන පක්ෂයක් ම තම අපේක්ෂක ලැයිස්තු අතුරින් සියයට විසිපහක කාන්තා නියෝජනයක් තහවුරු කර ඇති නිසා අලුත් මුහුණු රාශියක් පලාත්පාලන මැතිවරණ තරඟ බිමේ අපට හමුවනු නොවනුමානය.

මේ කවර අපේක්ෂකය‍ෙකු/අපේක්ෂිකාවක වුවද අපගේ පලාත්පාලන ආයතනයට තෝරා පත් කර යැවීමට සුදුසු වේ ද?

එසේ නොවේ ද? යන්න හඳුනා ගැනීමට යොදා ගත හැකි මිනුම් දඬු අද පුරවැසියන්වන අපට ලැබී තිබේ. ඒ පුරවැසි සංවිධාන සහ රටට හිතැති පිරිස් මහත් වෑයමින් බිහි කළ මාර්තු 12 ව්‍යාපාරය නිසා ය. ඒ අනුව ස්‍රී ලාංකිකයන් ල‍ෙස අපට පුංචි ඡන්දයේදී කර හැකි කාර්යයන් ද‍ෙකක් පවතී.

ඉන් පලමුවැන්න නම් මහජන නියෝජිතය‍ෙකු වීමට අවශ්‍ය දැනුම සහ ගුණාංග වැඩිය‍ෙන් ම ඇති අපේක්ෂකයාට/ අපේක්ෂිකාවට ඡන්දය ලබා දීමයි. ද‍ෙවැන්න නම් සෑම දේෂපාලන පක්ෂයකට සහ ස්වාදීන කණ්ඩායමක් ව‍ෙත ම ජාතික මට්ටමින් ප්‍ර‍භල පණිවිඩයක් ලබා දීමට ම‍ෙම මැතිවරණය ම‍ෙවලමක් වශය‍ෙන් භාවිත කිරීමයි. එම පණිවිඩය වන්නේ:

“ඔබ පක්ෂය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් කරන දූෂිත අපේක්ෂකයන්ට/ අපේක්ෂිකාවන්ට අපගේ ඡන්දය කිසි ල‍ෙසකින් වත් ලබා ද‍ෙන්න‍ෙමු” යන්නයි.

නීතීඥ ඩී.සුපුන් රශින්ද ජයවර්ධන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාර්තු දොළහ ව්‍යපාරය පිළිබඳ සිහිපත් කිරීමක්
මාර්තු දොළහ ව්‍යපාරය පිළිබඳ සිහිපත් කිරීමක්
http://ift.tt/2CcYLIR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_118.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_118.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy