උතුරු කොරියාවේ රූපවාහිනී නාලිකාවක් වන KCNA හි මෙම අමානුෂික ඝාතනයේ රූපරාමු මුලින් ප්‍රවෘත්තියක් ලෙස විකාශය කළ ද පසුව ඒවා විකාශය කිරීම නතර ...
උතුරු කොරියාවේ රූපවාහිනී නාලිකාවක් වන KCNA හි මෙම අමානුෂික ඝාතනයේ රූපරාමු මුලින් ප්‍රවෘත්තියක් ලෙස විකාශය කළ ද පසුව ඒවා විකාශය කිරීම නතර කෙරුණු බව, උතුරු කොරියාවේ කටයුතු පිළිබඳ නිබඳ අවධානයෙන් පසුවන දකුණු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඔවුන්ට අනුව මෙම ඡායාරූප ශිල්පියා කිම් ජොන් උන්ගේ නිල ඡායාරූප ශිල්පියා ය. පසුගිය නොවැම්බර් 30 වැනිදා හ්වැන්සොන්ග් 15 මිසයිලය අත්හදා බැලූ අවස්ථාවේදී ඔහු සිට ඇත්තේ එම අත්හදා බැලීම සිදුකළ ක්ෂේත්‍රයේම ය. ගිනි ගැනීම වාර්තා වන්නේ ඉන් අනතුරුව ය. ඒ අනුව මෙය හදිසි අනතුරක් ද විය හැකි නමුත් එය නායකයාගේ රහස් දැන සිටින පුද්ගලයෙක් වශයෙන් ඡායාරූප ශිල්පියාට ලබාදුන් කෲර දඬුවමක් ද විය හැකි බව තවත් වාර්තා ප්‍රකාශ කරයි.
කිම් ජොන් උන් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථක වීම සම්බන්ධයෙන් සිය සමීපයන් වැළඳගෙන සතුට පළ කරන ආකාරය ද උතුරු කොරියානු පුවත්පත්වල පළ විය. කෙසේ නමුත් කිසිදු අවස්ථාවක කිම් ජොන් උන් සිය ඡායාරූප ශිල්පියාගේ ඉරණම පිළිබඳ සැලකිලිමත් වන බවක් ද පෙනෙන්නට තිබුණේ නැත.
- අමාලි ජයවීර
COMMENTS