කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදී බල කදවුර වෙනුවෙන් පෙනී සිටින කැරළි කණ්ඩායම් මේ සදහා වග කිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටින අ...
කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදී බල කදවුර වෙනුවෙන් පෙනී සිටින කැරළි කණ්ඩායම් මේ සදහා වග කිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටින අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන අන්තෝනියෝ ගුටෙරස් (Antonio Guterres) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම සිදුවීම ‘‘මෑත කාලීන ඉතිහාසයේ සාම සාධක භටයන් වෙත එල්ල වූ දරුණුතම අපරාධය“ ලෙසයි.
මහලේකම්වරයාගේ ප්‍රකාශකයෙක් වන මාමාන් සිඩිකෝ (Maman Sidikou) පවසා සිටියේ කොංගෝවේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරන්නන්ට එරෙහිව කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වන බවයි. මිය ගිය හා අනතුරට මුහුණු දුන් සියල්ලන් වෙනුවෙන් සාධාරණත‍්වය ඉටු කරන්නට එක්සත් ජාතීන්ගේ සංගමය කටයුතු කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වන සාම සාධක මෙහෙයුම් අතර 15 වන විශාලතම මෙහෙයුම කොංගෝවේදී සිදු කෙරෙන අතර 22000කට අධික සාම සාධක භට පිරිස් ඒ සදහා යොදවා ඇත.
- හංසනී සම්පත්
COMMENTS